ලංකාව තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය වේගයෙන් ඉහළ යමින් පවතින අතර, 2026 වසරේ අගෝස්තු 01 වනදා මධ්‍යම රාත්‍රිය වන විට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 86,000 දක්වා ඉහළ ගොස් තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව මේ වන විට ඩෙංගු රෝගය හේතුවෙන් සිදු වී ඇති මරණ සංඛ්‍යාව 62කි.
ප්‍රධාන තොරතුරු එක එල්ලේ:වැඩිම බලපෑම බස්නාහිරට: සමස්ත රෝගීන්ගෙන් 52.93%ක් (රෝගීන් 45,516ක්) බස්නාහිර පළාතෙන් වාර්තා වේ. ජූලි මාසයේ දැවැන්ත වර්ධනයක්: ජූනි මාසයේ රෝගීන් 21,533ක් වාර්තා වූ අතර ජූලි මාසය වන විට එම අගය 29,980 දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. අවදානම් සහිත වැඩිම දිස්ත්‍රික්ක:ගම්පහ: 18,249 (21.22%) කොළඹ: 17,048 (19.82%) මහනුවර: 6,000 (6.98%) මාතර: 5,829 (6.78%) කළුතර: 5,613 (6.53%)
අධි අවදානම් ප්‍රදේශ: දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) බලප්‍රදේශ 137ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ. සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමින් පරිසරය පිරිසිදුව තබා ගැනීමට වහා පියවර ගන්නා ලෙසයි.

