“මේ ලබන ශිෂ්‍යත්වය මුදලක් හෝ ද්‍රව්‍යමය උපකරණ ටිකක් විතරක් නෙවෙයි… ඒක මුළු රටක්ම ඔබේ අනාගතය කෙරෙහි තබන ලොකු විශ්වාසයක්!”

– අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය   

අර්බුද හමුවේ වුවද දරුවෙකුගේ අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනය රටේ අනාගතය වෙනුවෙන් කරන විශිෂ්ටතම ආයෝජනය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි.

අරලියගහ මන්දිරයේදී පැවැති “නැණ ඉසුර – 2026” ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය දැක්වූ අදහස් අතරින් ප්‍රධාන කරුණු 3ක් මෙන්න:

 460කට A/L දක්වා පූර්ණ ශිෂ්‍යත්ව

ගංගාරාම විහාරස්ථානය සහ “නැණ ඉසුර” අරමුදල එක්ව සංවිධානය කළ මෙම සත්කාරයෙන්, 5 වසර ශිෂ්‍යත්වය සමත් සිසු දරු දැරියන් 460 දෙනෙකුට උසස් පෙළ (A/L) අවසන් වන තෙක් දීර්ඝකාලීන මූල්‍ය ශක්තිය හිමිවේ.

විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයට තිත – නව ප්‍රායෝගික පුනරුදයක්!

ගොඩනැගෙමින් පවතින නව අධ්‍යාපනික පරිසරය තුළ පාඩම් කිරීම හා විභාග සමත් වීමට එහා ගිය කුසලතා, සිතීමේ හැකියාව සහ ප්‍රායෝගික භාවිතාවන් සහිත අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කරන බවත්, ග්‍රාමීය හා නාගරික පාසල් අතර පරතරය නැති කිරීමට වැඩි මුදලක් වෙන්කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

ආර්ථික ප්‍රශ්න නිසා එක දරුවෙකුවත් අධ්‍යාපනයෙන් හැලෙන්න දෙන්නේ නෑ!

දිවා ආහාර වේල, පෙළපොත්, පාසල් උපකරණ සහ ශිෂ්‍යත්ව වැඩසටහන් හරහා අසරණ පවුල්වල දරුවන්ට අධ්‍යාපනය අතහැර යාමට සිදුවන පසුබිම සම්පූර්ණයෙන්ම නැති කිරීමට රජය කැපවී සිටින බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Share.
Leave A Reply