පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මුළුතැන්ගෙයි ආහාර සැපයුම් ටෙන්ඩරය වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක අල්ලස් මුදලක් ලබාගත් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු ඇතුළු දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් (27) දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. 

2027 වසර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ආහාර ද්‍රව්‍ය සැපයීමේ ටෙන්ඩරය සඳහා වෙනත් පාර්ශ්වයකට අවස්ථාව සලසා දීමට, සැකකාර ව්‍යාපාරිකයා විසින් සිය පියාගේ සහ මාමාගේ නමින් ලබාගෙන තිබූ අයදුම්පත් ඉදිරිපත් නොකර සිටීමට මෙලෙස අල්ලස් ඉල්ලා ඇත. 

ආරම්භයේදී රුපියල් ලක්ෂ 30 ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති අතර, පසුව එය ලක්ෂ 25 දක්වාත්, අවසානයේ රුපියල් ලක්ෂ 20 දක්වාත් අඩු කර අල්ලස් ලෙස ලබාගෙන තිබේ. 

අරුණගිරි නාදර් ලෝගේන්ද්‍රන් (ගම්පොළ පදිංචි ව්‍යාපාරිකයාලෝගෙන්ද්‍රන් සිවරාජ් (ආධාර අනුබල දුන් පුද්ගලයා)  ඊයේ (27) ප.ව. 9.13 ට සහ 9.43 ට ගම්පොළ තැපැල් කාර්යාලය අසල රථගාලේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් යෙදූ උගුලකට හසුවී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.  සැකකරුවන් ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.   

Share.
Leave A Reply