“අධිකරණයත් පැලවත්තෙන් පාලනය කරන්න හදන අදක්ෂ ආණ්ඩුවක්!” — රත්නපුරයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් සැර කතාවක්!
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙසේද කරුණු කීය.
නීතිඥ සංගමයේ සභාපතිට මහ ඇමති ධුරයක්?
“සජබයෙන් නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතාට මහ ඇමති අපේක්ෂකකම දෙනවා කියන්නේ මාලිමාවේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස හැංගිලා කියන අලුත්ම පටසැර බොරුවක්!”
අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක්!
“උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කරන්න හදන්නේත්, පුරප්පාඩු නොපුරවන්නේත් අධිකරණ බලයත් පැලවත්තෙන් පාලනය කරන්නයි. අපි කිසිදාක දේශපාලන අල්ලස් දීලත් නෑ… දෙන්නෙත් නෑ!”
වේදිකාවේ කියපුවා එකක්වත් නෑ!
“ගොඩබාන මිලට තෙල් දෙනවා කිව්වා, විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වා, වී වලට රු. 150ක සහතික මිලක් දෙනවා කිව්වා… ඒත් අද ඒ කිසිවක් නෑ! තේ, රබර්, කුරුඳු, මැණික් වගේ රටේ සම්පත් දියුණු කරගන්න බැරි අදක්ෂ පාලනයක් රට පරිහනියට අරන් යනවා.”
“අද කොන්ද කෙළින් තියාගෙන අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන් එකම පක්ෂය සමගි ජන බලවේගය විතරයි!”

