IMF සහන කාලය මාස 8කින් අවසන්: ඉදිරි වසර 4ට ඩොලර් බිලියන 11.1ක ණය කන්දක් ගෙවන්න වෙන හැටි මෙන්න!

මෙරට ආර්ථිකය නැවතත් දැවැන්ත කඩාවැටීමකට ලක්වීමේ බරපතළ අවදානමක් මතුව ඇති බවට සංඛ්‍යාත්මක දත්ත සහිතව අනතුරු ඇඟවීමක් කෙරේ.

2027 මාර්තු මාසයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ලබා දුන් සහන කාලය අවසන් වීමත් සමඟ, 2027 සිට 2030 දක්වා ඉදිරි වසර 4 තුළ ශ්‍රී ලංකාව විසින් ඩොලර් බිලියන 11.1 ක දැවැන්ත ණය ප්‍රමාණයක් ආපසු ගෙවිය යුතුව ඇත.

ඉදිරි වසරවල ණය ගෙවීමේ පෙළගැස්ම:

🔴 2027: ඩොලර් බිලියන 2.5

🔴 2028: ඩොලර් බිලියන 2.7

🔴 2029: ඩොලර් බිලියන 2.9

🔴 2030: ඩොලර් බිලියන 3.0

සංචිත අර්බුදය සහ ඩොලරයේ අනාගතය:

IMF ඉලක්කවලට අනුව 2026 අවසන් වන විට රට සතුව භාවිත කළ හැකි ඩොලර් සංචිතය ඩොලර් බිලියන 10.9ක් තිබිය යුතු වුවද, දැනට පවතින්නේ ඩොලර් බිලියන 5ක් වැනි පහත මට්ටමකි.

මෙම හිඟය පියවා ගැනීමට සහ ණය ගෙවීමට මහ බැංකුව විසින් දේශීය වෙළෙඳපොළෙන් ඩොලර් මිලදී ගැනීමට ගියහොත්, එක් ඩොලරයක අගය රුපියල් 400 ඉක්මවා යාමේ සෘජු අවදානමක් පවතින අතර, එමඟින් බඩු මිල සහ ජීවන වියදම අහස උසට ඉහළ යනු ඇත.

Share.
Leave A Reply