“මේක දැන් ගොවියන්ගේ විතරක් නෙවෙයි, බත් කන සමස්ත ජනතාවගේම පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක්!”

ලංකාවේ වී වගාව ඇතුළු සමස්ත කෘෂිකර්මාන්තයම නැත්තටම නැති කරමින් ගොවියා විනාශයේ අගාධයට ඇද දැමීමට එරෙහිව ජාතික ගොවිජන ඒකමුතුව දැවැන්ත ජන අරගලයකට සැරසෙයි!

ලබන සිකුරාදා සිට කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත ධුරයෙන් ඉවත් වන තෙක් පසුනොබසින මහා සංග්‍රාමය ආරම්භ කරන බව ජාතික ගොවිජන ඒකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා රජයට ප්‍රබල අනතුරු ඇඟවීමක් කරමින් කියා සිටී.

මහ සංඝරත්නය, ආගමික නායකයන්, කම්කරුවන් සහ වෘත්තිකයන් එක පෙළට පෙළගස්වමින්, රට පුරා සියලුම ගොවි සංවිධාන එකමුතුවෙන් දියත් වන මෙම මහා ජන සටන මුළු රටම හොල්ලන්නට නියමිතයි.

අල, ලුණු, මිරිස්, එළවළු සහ පලතුරු ගොවියාත් මුළුමනින්ම අනාථ කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව විනාශ කරන ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ජනතාව වීථි බසින දවස වැඩි ඈතක නැත!

Share.
Leave A Reply