රට පුරා ඩෙංගු රෝගය සීග්‍රයෙන් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ නිල දත්ත මගින් තහවුරු කරයි.

2026 මේ දක්වා කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 78,125ක් වාර්තා වී ඇති අතර, අවාසනාවන්ත ලෙස ජීවිත 56ක් අහිමි වී හමාරය! 

ප්‍රධාන අනතුරු ඇඟවීම් සහ සංඛ්‍යාලේඛන:මාසික උච්චතම අවස්ථාව: ජූලි මාසයේ පමණක් රෝගීන් 22,749ක් (ජූනි: 21,535) වාර්තා වී ඇත! 

අධි අවදානම් කලාප: සමස්ත ලංකාවෙන්ම වැඩිම බලපෑම බස්නාහිර පළාතට (52.78%).  වැඩිම රෝගීන් සිටින ප්‍රමුඛ දිස්ත්‍රික්ක 5:ගම්පහ – 16,478 (21.09%)  කොළඹ – 15,540 (19.89%)  මාතර – 5,454 (6.98%)  මහනුවර – 5,228 (6.69%)  කළුතර – 5,135 (6.57%)  දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) බලප්‍රදේශ 162ක් අධි අවදානම් කලාප ලෙස නම් කර ඇත. 

අප කළ යුත්තේ කුමක්ද?සතියකට වරක් විනාඩි 10ක් වෙන්කර ඔබේ ගෙවත්ත, වහලය, පීලි සහ ජලය රැඳෙන ස්ථාන පරීක්ෂා කරන්න.

දින 2කට වඩා තද උණ පවතී නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමු වී රේඛීය රසායනාගාර පරීක්ෂණ (Full Blood Count) සිදුකර ගන්න.වේදනා නාශක ලෙස Aspirin හෝ Ibuprofen භාවිතයෙන් වළකින්න!

Share.
Leave A Reply