හෝමාගම, කටුවන කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්තශාලාවක අද (21) උදෑසන හටගත් හදිසි ගින්නෙන් සේවකයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ.
මේ සම්බන්ධයෙන් වහාම පූර්ණ විමර්ශනයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය ඇතුළු නිලධාරීන්ට උපදෙස් දී ඇත.
📌 පරීක්ෂණයේදී මූලිකවම අවධානය යොමුකෙරෙන කරුණු:
- 🔹 ගින්න හටගැනීමට බලපෑ සැබෑ හේතුව
- 🔹 ආයතනයේ ගිනි ආරක්ෂණ සහ වෘත්තීය සුරක්ෂිතතා ප්‍රමිතීන්
- 🔹 හදිසි අනතුරු අංශ සහ සේවක ගැලවීමේ ක්‍රමවේද ක්‍රියාත්මක වූ ආකාරය
- 🔹 කර්මාන්තශාලා ආඥා පනත උල්ලංඝනය කර ඇත්ද සහ නොසැලකිලිමත්භාවය
මියගිය සේවකයින්ගේ පවුල් වෙත සිය කණගාටුව පලකළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඉදිරියේදී මෙවැනි අවදානම් සහිත සියලු සේවා ස්ථානවල ශ්‍රමික සුරක්ෂිතතාව සම්බන්ධයෙන් විශේෂ සොයාබැලීමක් කරන ලෙසද උපදෙස් ලබාදී ඇත.
