01. මූල්‍ය අපරාධවලට වැට බඳින නව ජාතික ප්‍රතිපත්තියක්!

මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ සමූල ඝාතක අවි සඳහා මූල්‍යනය මැඩපැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තෙවන ජාතික අවදානම ඇගයීමේ වාර්තාව (2024/25) මත පදනම් වූ “2026-2030 ජාතික ප්‍රතිපත්තිය” ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි.  02. පුනර්ජනනීය බලශක්තියට ඇමෙරිකානු ඩොලර් මිලියන 35ක සහන ණයක්!

කුඩා හා මධ්‍ය පරිමාණ සූර්ය බලශක්ති ව්‍යාපෘති දිරිගැන්වීමේ “පියැසි පාදක සූර්ය බලශක්තිය එක්කිරීමේ ව්‍යාපෘතිය” සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 35ක සහන ණයක්, යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 15.4ක ප්‍රදානයක් සහ ජපානයෙන් ඩොලර් මිලියන 5.5ක ප්‍රදානයක් ලබාගැනීමට ගිවිසුම්ගත වෙයි.  03. බලශක්ති පිරිමැසුම්දායී ගොඩනැගිලිවලට ජර්මනියෙන් රුපියල් මිලියන 314ක පරිත්‍යාගයක්! 🇩🇪 Sri Lanka

දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන සහ බලශක්ති පිරිමැසුම්දායී ගොඩනැගිලි තාක්ෂණය මෙරට ප්‍රචලිත කිරීම සඳහා ජර්මානු GIZ ආයතනය හරහා යුරෝ 924,063 ක (රුපියල් මිලියන 314 ක පමණ) මූල්‍ය ප්‍රදානයක් යටතේ ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කිරීමට අනුමැතිය.  04. පශු සම්පත් ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසකට නව ජාතික ප්‍රතිපත්තියක්! 🐄

දේශීය හා ගෝලීය ආර්ථික පරිවර්තනයන්ට ගැළපෙන පරිදි, ආහාර සුරක්ෂිතතාවය සහ නවීන විද්‍යාත්මක ක්‍රමවේද මුල් කරගනිමින් වසර 20කට පසුව යාවත්කාලීන කරන ලද “නව ජාතික පශු සම්පත් ප්‍රතිපත්තිය” ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි.  05. 4 වන බිම්ස්ටෙක් (BIMSTEC) කෘෂිකර්ම සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට!

කලාපීය ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් දකුණු සහ ගිනිකොණදිග ආසියාතික රටවල් 7ක සහභාගිත්වයෙන් පැවැත්වෙන කීර්තිමත් බිම්ස්ටෙක් කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සිව්වන සමුළුව 2027 මාර්තු 17 සහ 18 දිනවල ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කෙරේ.  06. වරකාපොළ අතුරු මාර්ගයේ ඉතිරි වැඩ නිම කිරීමට රුපියල් බිලියන 4.99ක කොන්ත්‍රාත්තුවක්!

මඟීන්ගේ ගමන් කාලය අවම කරමින් වරකාපොළ නගරයේ තදබදයට විසඳුම් දෙන වරකාපොළ අතුරු මාර්ගයේ (කිලෝමීටර 0 සිට 2.32 දක්වා) ඉතිරි ඉදිකිරීම් කටයුතු රුපියල් බිලියන 4.99කට M/s Maga Engineering (Pvt) Ltd වෙත පිරිනැමේ.  07. කටුනායක ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්තය පුළුල් කිරීමට අතිදැවැන්ත ව්‍යාපෘතියක්!

කටුනායක ගුවන්තොටුපොළේ තදබදය අවම කරමින් පිටත්ව යන මඟීන් සඳහා නව පරීක්ෂා කිරීමේ කවුළු 36ක් සහ පිවිසුම් දොරටු 6කින් යුත් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ඩොලර් මිලියන 7.26ක් සහ රුපියල් බිලියන 3.77ක මුදලකට Maga Engineering ආයතනයට පිරිනැමේ.  08. අපද්‍රව්‍ය “බිංදුවක්වත්” ඉතිරි නොකරන කුරුඳු සැකසුම් මධ්‍යස්ථානයක් මාපලානට!

කුරුඳු වගාකරුවන්ගේ පිරිවැය අඩු කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු කුරුඳු නිපදවීම සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යාපීඨයේදී “මධ්‍යගත ජෛව ස්කන්ධ අපද්‍රව්‍ය ශුන්‍ය කුරුඳු සැකසුම් මධ්‍යස්ථානයක්” මාස 27ක් ඇතුළත ස්ථාපිත කිරීමට අනුමැතිය හිමිවෙයි.  09. රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්!

ඒ. විජේසිංහ මහතා විශ්‍රාම ගැනීමෙන් පුරප්පාඩු වූ රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ විශේෂ ශ්‍රේණියේ ප්‍රවීණ නිලධාරියෙකු වන ඉංජිනේරු එස්. එන්. බී. එမ်. පද්මසිරි මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කෙරේ.

Share.
Leave A Reply