“ජනතා බලය රැකගන්න ආණ්ඩුව ව්‍යවස්ථාවත් එක්ක සෙල්ලම් කරනවා. ජනතාවට දුන්න පොරොන්දු ඔක්කොම අද කුණු කූඩයට දාලා!” යැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා අද (13) පැවැති මාධ්‍ය හමුවේදී දැඩි චෝදනාවක් එල්ල කළේය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රහස: මැතිවරණ පොරොන්දුවල නැති වුණත්, තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න සහ විධායකයේ අභිමතය පරිදි ව්‍යවස්ථාව සංශෝධනය කරමින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව සූදානම් වෙනවා. මෙයින් මුළු රාජ්‍ය අංශයේම උසස්වීම් බලාපොරොත්තුවෙන් ඉන්න තරුණ පිරිසට දැඩි අසාධාරණයක් වෙනවා.
විධායක ජනාධිපති ධුරය රැකගන්න හදනවා: විපක්ෂයේ ඉන්නකොට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කෑගහපු අය, අද බලය රැකගන්න ඒක ආරක්ෂා කරන්න උත්සාහ කරනවා.
අසරණ වුණු ගොවි ජනතාව: පොහොර සහ කෘෂි උපකරණ මිල අහස උසට ගිහින්. වී කිලෝව රු. 80-100 ත් අතර කුණු කොල්ලයට විකුණන්න වෙලා. ගොවියා පාරට බැස්සොත් ගෝඨාභය රාජපක්ෂට වුණු දේ වත්මන් පාලකයන්ටත් මතක් කරගත යුතුයි.
මීගමුව බන්ධනාගාර ගැටුමේ වගකීම රජය භාරගත යුතුයි: බන්ධනාගාර කැරැල්ලෙන් 27ක් මියගොස් 100ක් තුවාල ලැබුවේ රජයේ කළමනාකරණ දුර්වලතාවය නිසයි. විපක්ෂයේ ඉද්දි එකක් කියා බලයට ආ පසු කමිටු පත් කරමින් ආණ්ඩුව ඇඟ බේරාගන්න හදනවා.
GSP+ අනතුරේ සහ තායිවාන වීසා තහනම: ජනාධිපතිගේ ප්‍රංශ සංචාරය කල් දැමීම නිසා ලංකාවේ ඇඟලුම් කර්මාන්තය රඳා පවතින GSP+ සහනය අහිමිවීමේ බරපතල අනතුරක් මතුවෙලා. ඒ වගේම තායිවානය ලාංකිකයන්ට වීසා තහනම් කිරීම ගැන විදේශ අමාත්‍යාංශය තවමත් නිහඬයි.
“වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව ජනතාවාදී ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන්ම බැහැර වී, තමන්ගේ බලය රැකගැනීමේ දේශපාලන න්‍යාය පත්‍රයක් පමණක් ක්‍රියාත්මක කරමින් සිටිනවා.”

