විසඳුම් නොලැබී ගොඩගැසී ඇති ළමා අපයෝජන පැමිණිලිවලට කඩිනමින් යුක්තිය ඉටුකරන ලෙස බලකරමින්, මහජන අත්සන් 40,000ක් රැගත් දැවැන්ත පෙත්සමක් තුෂ් වික්‍රමනායක ඇතුළු ‘#40000’ කණ්ඩායම විසින් අද (09) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වෙත බාරදෙන ලදී.

චමින්ද්‍රාණි කිරිඇල්ල සහ රෝහිණී කවිරත්න ඇතුළු සජබ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරු රැසක් එම අවස්ථාවේදීම පෙත්සමට අත්සන් තබමින් සිය සහයෝගය පළ කළහ.

ස්ථාවර නියෝග 27(2) යටතේ අද පාර්ලිමේන්තුව ඇමතූ විපක්ෂ නායකවරයා, ළමා ආරක්ෂණ පද්ධතියේ පවතින අකාර්යක්ෂමතාවය සහ අධිකරණ ප්‍රමාදය හේතුවෙන් ලාංකීය දරුවන්ගේ මූලික අයිතිවාසිකම් බරපතල අනතුරක වැටී ඇති බව පෙන්වා දුන්නේය.

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතිය තනි නීතියක් ලෙස බලාත්මක නොකිරීම සහ බාලවයස්කාර යුක්ති විනිශ්චය සංශෝධන පනත් කෙටුම්පත ක්‍රියාත්මක නොකිරීම නිසා ළමා ආරක්ෂණය තුළ විශාල නීතිමය හිඩැසක් නිර්මාණය වී ඇති බවද එහිදී අවධාරණය කෙරිණි.

Share.
Leave A Reply