අධ්‍යාපනය කියන්නේ විභාග සමත් වීමට විතරක් නෙවෙයි, සමාජ අසාධාරණයට එරෙහිව ප්‍රශ්න කරන, ස්වාධීනව හිතන පරපුරක් බිහි කරන මෙවලමක් විය යුතුයි!

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) 2026 උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය රටේ අධ්‍යාපනයේ නව දිශානතිය සහ ගුරුවරුන්ගේ භූමිකාව ගැන මෙන්න මෙහෙම සුවිශේෂී අදහස් කිහිපයක් පළ කළාය.

වටිනාම ආයෝජනය යනු කුමක් ද, ඇය කීවාය. රටක ගුණාත්මක බව හැඩගස්වන්නේ ගුරුවරුන්. ඒ නිසා ගුරුවරුන් වෙනුවෙන් ආයෝජනය කිරීම රටක් කරන ඉහළම ආයෝජනයක්.

ගැලපෙන අධ්‍යාපනයක් රටට හදුන්නා දීමට ක්‍රමයක්. වෙනස් වන ලෝකයට ගැළපෙන පරිදි විවේචනාත්මක චින්තනය, ඩිජිටල් තාක්ෂණය සහ ගැටලු නිරාකරණ හැකියාව පන්ති කාමරයට ආදේශ විය යුතුයි.

විෂමතාවයට තිත තබමු යැයි ද ඇය කීවාය. පවතින සමාජ විෂමතා තවදුරටත් වැඩි නොකර, ඒවා අවම කරන සාධාරණ අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගීම රජයේ අරමුණයි.

“ඔබේ උපාධිය පෞද්ගලික ජයග්‍රහණයක් විතරක් නෙවෙයි, සමාජයට කරන සේවාවක්…”

එමෙන්ම 21 වන සියවසට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පැරණි ක්‍රමවේදයන්ට අභියෝග කළ හැකි, නව්‍යකරණයට ලැදි පුළුල් චින්තකයින්ගේ අවශ්‍යතාවය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මෙහිදී අවධාරණය කළේය.

Share.
Leave A Reply