අඩු ආදායම්ලාභී පවුල් ආර්ථික හා සමාජීය වශයෙන් ඔසවා තැබීමේ දැවැන්ත ජාතික මෙහෙයුම ඇරඹේ! 2026 ජූලි 15 සිට අගෝස්තු 15 දක්වා කාලය “ප්‍රජා සවිබල ගැන්වීමේ මාසය” ලෙස ප්‍රකාශයට පත් කෙරේ.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මෙහෙයවන මෙම සුවිශේෂී මාසය තුළ ක්‍රියාත්මක වන ප්‍රධාන සහන සහ වැඩසටහන් මෙන්න:
- 💰 රු. 150,000 දක්වා ස්වයං රැකියා උපකරණ කට්ටල!
- 🎓 වෘත්තීය පුහුණු පාඨමාලා ගාස්තු දීමනාව රු. 150,000 දක්වා ඉහළට!
- 📝 සෑම පවුලකටම තිරසාර “පවුල් සංවර්ධන සැලසුම්”!
- ⚖️ නීතිමය ගැටලුවලට නොමිලේ විසඳුම් දෙන “නීතිය සෙවණ” ප්‍රාදේශීය වැඩසටහන්!
- 🏠 නිවාස ලොතරැයි අරමුදලින් නිමකළ නව නිවාස අයිතිකරුවන්ට පැවරීම සහ “සමෘද්ධි සුව පියස” සෞඛ්‍ය මධ්‍යස්ථාන විවෘත කිරීම!
- 📈 මාසික ආදායම රු. 40,000 ඉක්මවූ සාර්ථක පවුල් ඇගයීම!
📌 සමාරම්භක උළෙල හෙට!
මෙම දැවැන්ත වැඩපිළිවෙළ වෙනුවෙන් දිවයිනේ සියලුම සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ ජාතික මහෝත්සවය, අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල සහ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (ජූලි 10) පෙරවරු 9.30 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.
දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සමස්ත ක්ෂේත්‍ර නිලධාරී මණ්ඩලයේ සක්‍රීය දායකත්වයෙන්, මෙරට ගම්මාන පුරා නව ආර්ථික පුනරුදයක් ඇති කිරීමට සියල්ල සූදානම්!

