2026 වර්ෂයට අදාළ හෙද වාර්ෂික ස්ථාන මාරු සකස් කර දෙන බව පවසා මුදල් සහ අල්ලස් ලබාගන්නා කූඨ ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු කිහිපයකි.
හෙද ස්ථාන මාරු සිදු කරනු ලබන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හෝ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක වන නිත්‍යානුකූල ක්‍රමවේදයට පමණි.
බලයලත් නිලධාරියෙකුගේ ලිඛිත ඉල්ලීමකින් තොරව කිසිදු බාහිර පාර්ශ්වයකට ඔබේ තොරතුරු ලබාදීමෙන් වළකින්න. අමාත්‍යාංශය වගකියන්නේ නැත: එවැනි හොර ජාවාරම්කරුවන්ට හසුවී සිදුකරන මුදල් ගනුදෙනු හෝ වංචා සම්බන්ධයෙන් අමාත්‍යාංශය කිසිදු වගකීමක් නොදරයි.
ඔබ සතුව මෙවැනි වංචනික ක්‍රියා සම්බන්ධයෙන් තොරතුරු පවතී නම්, වහාම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම් දී දූෂණයට එරෙහිව ඔබේ වගකීම ඉටුකරන්න. 📞 තොරතුරු දැනුම් දීමට සහ විමසීම් සඳහා:දුරකථන: 0112670182 විද්‍යුත් තැපෑල: sasinformation@health.gov.lk

