වසර ගණනාවක සිට මෙරට පවතින දරුණුතම සමාජීය සහ ආර්ථික අර්බුදයක් වන අලි-මිනිස් ගැටුම නිමා කිරීම සඳහා නව රජයෙන් කඩිනම් ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක් ජනාධිපතිතුමාගේ සෘජු මගපෙන්වීමෙන් ක්‍රියාත්මක වේ.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා අද දින විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් කරමින් මේ පිළිබඳව කරුණු රටට හෙළි කළේය.

අලි මංකඩවල් 03ක් වහාම නිදහස් කෙරේ‍. හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් කොහොලංකල, හදපානාගල සහ වැටහිරකන්ද යන ප්‍රධාන අලි කොරිඩෝ ත්‍රිත්වය ගැසට් මගින් ප්‍රකාශයට පත් කර විවෘත කර ඇත. ඉතිරි කොරිඩෝ ද කඩිනමින් නිදහස් කෙරේ.

වනජීවී ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම: වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නව වාහන සහ නව අලි වැට සහායක නිලධාරීන් බඳවා ගනිමින් මානව හා භෞතික සම්පත් කඩිනමින් ඉහළ නංවා ඇත.

වනාන්තරය තුළදීම අලින්ට ආහාර සහ ජලය: රක්ෂිත තුළ පවතින වැව් ප්‍රතිසංස්කරණය කිරීම සහ ආක්‍රමණශීලී ශාක ඉවත් කර අලින් සඳහා නව තණපිටි නිර්මාණය කිරීමේ විශේෂ සුපෝෂණ ක්‍රියාවලියක් දැනටමත් ක්‍රියාත්මකයි.

මාස 3කින් විද්‍යාත්මක වාර්තාවක්.අමාත්‍යවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කර ඇති අතර, ඔවුන් මාස 3ක් ඇතුළත ස්ථිර විසඳුම් ඇතුළත් අවසන් ක්‍රියාකාරී සැලැස්ම ජනාධිපතිතුමාට භාරදීමට නියමිතය.

වනජීවී සම්පත් සුරකිමින්, අලි-මිනිස් ගැටුම පවතින ප්‍රදේශවල ජනතාවට බියෙන් හා සැකයෙන් තොර නිදහස් වටපිටාවක් නිර්මාණය කිරීමයි!

Share.
Leave A Reply