තොරතුරු වැළැක්වීම නිසා බන්ධනාගාර ප්‍රචණ්ඩත්වය උත්සන්න වෙයි – සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

පසුගිය ජූලි 5 වන දින මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු රැඳවියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අතර පැවති සන්නිවේදනය සම්පූර්ණයෙන් අවහිර කිරීම හේතුවෙන් එහි ප්‍රචණ්ඩත්වය තවත් උත්සන්න වූ බව සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ කමිටුවේ සභාපති සේනක පෙරේරා මහතා පවසයි.

සිදුවීමෙන් පසු තම ඥාතීන්ගේ තත්ත්වය පිළිබඳව පවුල්වලට නිවැරදි තොරතුරු ලබා නොදීම සහ රැඳවියන්ට සන්නිවේදනය කිරීමට ඉඩ නොදීම හේතුවෙන් බන්ධනාගාරය තුළ දැඩි බියක් සහ මානසික ආතතියක් නිර්මාණය වූ බවත්, ප්‍රචණ්ඩත්වය තීව්‍ර වීමට මෙම නිලධාරීවාදී බාධා කිරීම් සෘජුවම බලපෑ බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Share.
Leave A Reply