ලබන සතියේ සරිගම දියවන්නා තවත් බයිලා රැසකින් හමුවෙමු මෙයට ලියන අප්පු නිමල් අල්ගෙවත්ත …
@ හරක් කටාගේ ඩීල් එක සහ රිමාන්ඩ් ලෙඩ ලැයිස්තුව
“කෝටි 50 ඩීල් එක කෝටි 12න් බහී: ඇප නැති තැන ඇප්නියා හැදෙයි!”
“හරක් කටා බේරන්න ගිය කුමාරවරු: අධිකරණ ඇමති පුතුට වැලිකඩින් ‘නින්ද යෑමේ‘ ලෙඩක්!”
“ඩුබායි ගුවන් යානයේ එකට ගිය තුන්කට්ටුව, බන්ධනාගාර බස් එකේ එකටම ඇතුළට!”
“උණ්ඩියල් කෝටි 12ට වැදුණු රතු කට්ට: හරක් කටා කට ඇරීම සහ ඇමති පවුලේ වත්කම් සෙල්ලම!”
@@ සිලෝන් නිව්ස්පේපසර් සූරාකෑම පොලිස් ඇමති හිටපු…
“රටට පොලිස් වෙන්න කියා දෙන ලොක්කා, පත්තරේ ලියන එකාට අසූදාහක පොල්ලක් තියයි!”
“මව්බිමට ‘කම්කරු රතු නිවේදනයක්‘: සේවකයන්ගේ EPF-ETF කෑ උදවියට උසාවි වරෙන්තු!”
“රට වටේ ටෝක්ස් දෙන ‘කළුකඩ මාධ්‍ය මුදලාලිලා‘ සහ නීතිය ඉදිරියේ දණගැසූ HR මැඩම්!”
@@@@. මඩ සෝදාගත් ගොවියා සහ ලාල්කාන්තගේ ‘කයිය‘
“ඡන්දෙට කලින් සහතික මිල 120යි: බලය ගත්තාම ගොවියා විපක්ෂයේ බංකොලොත්තෙක්ලු!”
“මැදිරිගිරියෙන් ඇමතිලාට අමුඩ ලෑස්තියි: මහමාන්කඩවල වැව් බැම්ම උඩ ලාල්කාන්තගේ වාරි මහිමය!”
“ගබඩාවල වී දිරද්දී පිටරටින් සහල් ගේන ආණ්ඩුව සහ ‘කයිය විතරක්‘ ඉතිරි වූ දේශපාලනය!”
@@@@ ලෝක බැංකු වර්ගීකරණය, බදු බර සහ බස් ගාස්තු
“ලෝක බැංකුවෙන් ‘ඉහළ මැදි‘ ලේබලය ගහද්දී, ජනතාවට බස් එකේ යන්නත් පයින් යාමට සිදුවෙයි!”
“සොච්චමකින් තෙල් අඩු කර පම්පෝරි ගසන කළුකඩ ආණ්ඩුව සහ 34 සීමාව පැන්න බස් ගාස්තුව!”
“සීනිවලට ‘රතු ලේබල්‘ ගහන අතරේ ජනතාවගේ බදු ලේ උරා බොන භාණ්ඩාගාර මෙහෙයුම!”
@@@ බුද්ධි අංශ පාස්වර්ඩ් සහ සජිත්ගේ වෑල්ඩින් සාමවිනිසුරුවරු
“සුරේෂ් සලේගේ පාස්වර්ඩ් එකටත් මිලේනියම් සිටි හෙවනැල්ල: ගම්මන්පිලගේ තෙල් සෙල්ලම සහ අභියෝගය!”
“මරදන්කඩවල වෑල්ඩින් වෙදමහතාටත් සාමවිනිසුරු පදවි: සජිත්ගේ අධ්‍යාපන සහතික නැති ගම් සේවාව!”
“උසාවි පද්ධතිය දුර්වල වුවහොත් රටම විනාශයි: අගවිනිසුරුගෙන් මහේස්ත්‍රාත්වරුන්ට තද අවවාදයක්!”
@@@ සතියේ ගවේෂණාත්මක පුවත (සමාජ අනතුරු ඇඟවීම්)
“යුද්ධයකටත් වඩා මාරක ‘හදිසි අනතුරු මාරයා‘: සෑම පැය 3කටම අපට ජීවිත 4ක් අහිමි වෙයි!”
“ආරක්ෂිතයි කියා සිතන නිවස ඇතුළේ 50%ක් අනතුරු: රටේ ඵලදායී තරුණ පරපුර බිලිගන්නා නිහඬ මරණය!”
“ළමුන් 46,000ක් හිංසනයට මැදිවෙද්දී දියවන්නාවේ මහත්වරුන්ගේ සිනහව සහ උපහාසය!”
දියවන්නාවේ මහත්වරුන්ගේ මෙගා නාට්‍ය, අල්ලස් කෝටිවල ඩීල්, උසාවි ගානේ යන රෝගාබාධ සහ මහජනතාවගේ බඩගෝස්තරය අලලා ගැසූ, තාලයට කියවිය හැකි සුපිරි දියවන්නා බයිලා එකතුව මෙන්න
අපේ මිදිගම ගෙදර වත්ත පැත්තේ හරක් කටාගේ ඩීල් බයිලාව (තනුව: “සුරඟනක් වගේ රූසේ…” හෝ ඕනෑම වේග රිද්ම බයිලා තාලයකට)සරිගම පදනිස තාලෙට ගයමූ… පාතාලය…හ් හා කෝ…උම්බෑ…
ඩුබායි ගිහින් දාපු ඩීල් එක බලමූ…විජේදාස මැතිඳුගෙ පුතණ්ඩියා… රක්ෂිත බන්ධනාගාරෙට වැදුණා…හරක් කටා බේරන්නට කෝටි පනහයි… විසි කෝටියකට බැහැලා ඩීල් එක සාරයි…අත්තිකාරම් කෝටි දොළහක් අරන්ලු… දැන් ඉතින් ඇතුළේ බත් මුල් කනවලු…!
අල්ලස් කොමිසමෙන් රෙදි ගැලවෙන්නම උසාවියේදී කියපු හැටි දැක්කාම රටම පුදුමයි! පාතාලේ ‘හරක් කටා‘ බූස්සෙන් මාරු කරන්න, ඌව ඝාතනයෙන් බේරන්න එවකට අධිකරණ ඇමතිගේ පුත් රඛිත රාජපක්ෂයි, සජබෙ හොරණ සංවිධායක චරිත් අබේසිංහයි. සිවිල් ගුවන්සේවා එකේ අරුණයි එකම ප්ලේන් එකේ ඩුබායි ගිහින්.
හරක් කටාගේ බිරිඳ මධුෂිකා එක්ක ඩීල් එක දාලා උණ්ඩියල් ක්‍රමේට කෝටි 12ක් ලංකාවට ඇදලා. හැබැයි වැඩේ කෙරුණේ නැති නිසා හරක් කටාගේ බිරිඳ සල්ලි ඉල්ලලා පොලිස්පතිට ලියුම් ගහලා, හරක් කටාත් කට ඇරලා! දැන් ඉතින් ඇප ඉල්ලන්න උසාවි ආවාම ලෙඩ ලැයිස්තුව දිගයි.
රඛිතට ‘ස්ලීප් ඇප්නියා‘ (නිදාගද්දී හුස්ම හිරවෙන ලෙඩේ) ලු! චරිත්ට බරපළ හෘද රෝගලු! මැජිස්ට්‍රේට් අසංග බෝදරගම මහතා කිව්වා “ඕවා සුවිශේෂී කරුණු නෙවෙයි, ලබන 17 වෙනකම් රිමාන්ඩ්!” කියලා. තාත්තා අධිකරණ ඇමති වෙලා ඉද්දී පුතා දාපු සෙල්ලම්!
දැන් තාත්තාගෙත් වත්කම් සොයන්න CID එකට පැමිණිලි. ෂෝක් දේශපාලන පවුල්!
මවිබිම පත්තරේ මුල් පිටුවේ විස්තරය මෙන්න! මහින්ද ජයසිංහ ඇමති තුමා පත්තර කාරයන්ගේ ආදර මේවා ඒ්ක ඇමති තුමා ඔයාට… පිට් කියාලා ඇමති අපි කියනවා…
මව්බිම පත්තරේ “රතු ලේබල්” බයිලාව (තනුව: “මා නොවන මම…” හෝ බයිලා කැප්රිඤ්ඤා තාලයට) පත්තර ගහලා රටටම නීතිය කියතී… සේවක වැටුප් නොගෙවා හත්පොළේ ගාතී…
සිලෝන් නිව්ස්පේපර්ස් ලොක්කන් පෑදූ… රවිශාන්ට පොලු තබා විමර්ශන කැඳවූ…EPF – ETF නොගෙවා මඟ අරිති… නියෝජ්‍ය ඇමති මහින්දගෙන් නඩු වරෙන්තු එති…!
කොළඹ 07 රොස්මිඩ් පෙදෙසේ පිහිටි සිලෝන් නිව්ස්පේපර්ස් (මව්බිම/ටුඩේ) ආයතනයේ සේවකයන්ට කරලා තියෙන හරිය බලන්න. මාධ්‍යවේදී රවිශාන් ප්‍රනාන්දුගේ හා තවත් මාධ්‍ය සගයන්ට හිඟ වැටුප් නොගෙවා, අනීතිකව සේවයෙන් පහ කරලා. කම්කරු දෙපාර්තමේන්තුවෙන් දින 21ක් දීලත් මානව සම්පත් කළමනාකාරිණිය ඇවිත් කියනවා සල්ලි දෙන්නම්, ඉතිරි ඒවා දෙන දිනයක් කියන්න බෑ” කියලා! හැබැයි පුතෝ…මාර කතාව මේක!
කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කෙළින්ම උපදෙස් දුන්නා කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්දට විමර්ශන කරලා නඩු පවරන්න කියලා. හිඟ වැටුප් විතරක් නෙවෙයි EPF, ETF, ග්රැචුටි සේරටම පොලු තියලා. මේ ආකාරයට රතු නිවේදන නිකුත් කරද්දී, සිලෝන් නිව්ස්පේපර්ස් අයිතිකාර ටිරාන් අලස්ට අලසව ඉන්න බැරිවෙන බව තමයි අපේ රටේ මාධ්‍ය මිතුරෝ කීවේ!
පොල් රොටි විකිණීමට තිබේ! දියවන්නා පොල්දූව හංදියෙන් ඇසෙන කතාවකි!
අන්න දෙරණ අරුණ පත්තරේ අපේ හිතවත් දිලිත් ජයවීර මහත්තයා “රොටි පොඩ්ඩා” සන්නාමයෙන් රොටියෙන් කෝටිපතියෙක් වෙන හැටි රටට කියා දෙනවා! තමන්ගේ පත්තරේ වැඩ කරන මිනිහට පඩිය හරියටම දෙනවා විතරක් නොවෙයි. මාධ්‍ය ආයතන දෙක තුනේ වැඩ කරන අපේ සෙට් සඟයන්නට උදව් කරන්නේ හරියට ව්‍යවසායකයෙක් වගේ නියම රොටි හරියට රොකට් වගෙයි..මක්කැයි දොඩංනේ ගාල්ලේ භාෂාවෙන්ම පිටි ආදරෙයි කියලා තමයි කියන්න තියෙන්නේ… දිලිත් ලොක්කට…
රටේ මිනිස්සුන්ව කෝටිපතියෝ කරන්න ටෝක්ස් දෙන එක දෙන ගමන් දිලිත් නම් නියමයි කියාලා මට ලියන්නම හිතුනා ..නෑ ටයිප් කරන්නම හිතුනා ..
@@@ ලෝක බැංකුවේ “මැදි ආදායම්” සහ ඩෙංගු හෑල්ල (තනුව: “ලස්සන ලෝකෙට මල් වයසයි…” තාලයට)
ලෝක බැංකුවෙන් අපව ඉහළට දැම්මාලු… ඒකට ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන දැම්මාලු…මධ්‍යම පාන්තිකයා හුස්මක් නැතිව මැරෙයිලු… බස් ගාස්තුත් තිස් හතරට නැගලා ගියා ලු…ක්ලීන් ශ්‍රී ලංකා කියලා සල්ලි නාස්තියි… ඩෙංගු හැදිලා රෝහල්වල ඉඩත් මදිලු…!ලෝක බැංකුව කිව්වලු ලංකාව දැන් පහළ මධ්‍යම ආදායම් මට්ටමෙන් “ඉහළ මධ්‍යම ආදායම්” මට්ටමට ආවා කියලා. ආණ්ඩුව ඉතින් උදම් අනනවා. හැබැයි සජබෙ සුජිත් සංජය මන්ත්‍රීවරයා මතක් කරලා දෙනවා 2018 යහපාලන කාලෙත් ඕක ඔහොමමයි කියලා.
රටේ උද්ධමනය ඉහළයි, මිනිස්සු වේලක් හැර වේලක් කන්නේ. බදු පිට බදු ගහලා භාණ්ඩාගාරය පිරෙව්වාට, ජූලි 5 ඉඳන් බස් ගාස්තුවත් රුපියල් 34ක් කරලා! කරත්ත යුගයට යන්න පාර කපලා “ඉහළ මධ්‍යම ආදායම්” ලේබල් ගැහුවාට වැඩක් තියෙනවාද?අනිත් පැත්තෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” කියලා සල්ලි නාස්ති කළාට රට පුරා ඩෙංගු වසංගතය. මේ අවුරුද්දට විතරක් ලෙඩ්ඩු 56,422යි, මරණ 35යි! සෞඛ්‍ය අංශවලට කර කියාගන්න දෙයක් නැහැ.
@@@@
සීනි වැඩි බීම වර්ගවලට “රතු ලේබල්” ගහන්න අලුත් නීති ගේන ආණ්ඩුව, රටේ ජනතාව වසංගතවලින් සහ බදු බරින් රතු කට්ට පනිනකම් පීඩාවට පත් කරලා තියෙන හැටි පුදුමයි.
@@@ මඩ සෝදාගත් ගොවියා සහ ලාල්කාන්තගේ වාරි මහිමය (තනුව: “කැලෑ මල් පිපීලා සුවඳ විහිදෙනවා…” තාලයට කියන්න ) රැජිනි කාන් මතක්වෙනවා අප්පා …
මඩ සෝදාගත් ගොවියා රජ කරවන්න… සහතික මිල රුපියල් එකසිය විස්සක් දෙන්න…පොරොන්දු දීපු අය අද මඩේ ලගිනවා… මැදිරිගිරියේ ගොවියෝ පාරට බැහැලා නටනවා…
ලාල්කාන්ත ඇමති වැව් බැම්ම ගාව ඉඳන්… උද්ඝෝෂණ කරන්නේ බංකොලොත් විපක්ෂය කියන්…!”මඩ සෝදාගත් ගොවියා කවදාවත් රජ වුණේ නැත, ඒ මඩ පාලක පන්තියේ සූරාකෑමේ සලකුණක් පමණි!” කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත මහතා මහමාන්කඩවල වැව් බැම්ම ප්‍රතිසංස්කරණය (මිලියන 83.20ක ව්‍යාපෘතිය) විවෘත කරන්න ගිහින් අපූරු කතාවක් කියනවා.
පුවරුවල දේශපාලකයින්ගේ නම් ගහන්නේ නැති එක ගැන එතුමා ආඩම්බර වෙනවා.හැබැයි මැදිරිගිරියේ ගොවි සංවිධාන 25ක් එකතු වෙලා වී කිලෝවට රුපියල් 150ක් ඉල්ලලා පාරට බැහැලා ලාල්ටයි නාමල්ටයි අමුඩ ගස්සවන්න හදනවා.
ඇමති කියන්නේ මේවා ගොවියන්ගේ උද්ඝෝෂණ නෙවෙයි, බංකොලොත් විපක්ෂයේ සහ ටීවී චැනල්වල වැඩ කියලා! හැබැයි ඡන්දෙට කලින් වීවලට රුපියල් 120ක සහතික මිලක් දෙනවා කියපු පොරොන්දුව තාම ගබඩාවලමයි. ගබඩා කරපු වී ටික වෙළඳපොළට දාන්නේ නැතිව පිටරටින් සහල් ගේනවා. ගොවියාට ඉතිරි වුණේ කයිය විතරයි!
@@@බුද්ධි ප්‍රධානියාගේ මුරපදය සහ ගම්මන්පිලගේ තෙල් සෙල්ලම(තනුව: “ආදරණීය ප්‍රේමවන්තිය…” තාලයට) …කැට හොල්ලනවා..කැට හොල්ලනවා. ගස් බඳිනවා. තෙල් ගානවා. ( මේ කතාව සිංහලෙන් ලයන්නේ.. ඉංග්‍රීයෙන් ලවන්නේ නම් මෙරිකාව දෙනව බැටේ ලංකාවට තල් පොල් කුත්ල් ආතල් ලං ගන්න නා ගන්නම…) වරහන වැහුවා…
මන්නාරම් ද්‍රෝණියේ තෙල් සාගරයක් තිබේ… ලෝක බලවතුන්ට බයේ රතු හුණ්ඩුව ආණ්ඩුව හැංගිලා ඉඳී…ගම්මන්පිල කියයි මාස දහඅටෙන් රට ගොඩදාන්න… තෙල් මිල තව සීයෙකින් අඩු කරලා පෙන්වන්න…සුරේෂ් සලේ මහතා පාස්වර්ඩ් නොදිය යුතුයි… මිලේනියම් සිටි වගේ පාවාදීමක් වෙයිදෝ බයයි…!
නීතිඥ උදය ගම්මන්පිල මහතා ලොකු අභියෝගයක් කරනවා. මන්නාරමේ ඩොලර් බිලියන 229ක් වටිනා තෙල් සහ ගෑස් තියාගෙන ආණ්ඩුව ලෝක බලවතුන්ට බයේ ඒක කරන්නේ නෑලු. ලෝක වෙළඳපොළේ තෙල් මිල බැස්සත් ලංකාවේ පෙට්‍රල් අඩු කළේ රුපියල් 20කින්. ගම්මන්පිල කියන්නේ තව රුපියල් 131කින් පෙට්‍රල් අඩු කරන්න පුළුවන් කියලා! ආණ්ඩුව කළුකඩ මුදලාලියෙක් වෙලාලු.
@@@අනිත් පැත්තෙන්, විශ්‍රාමික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේට තමන්ගේ ෆෝන් එකේ, කොම්පියුටරේ පාස්වර්ඩ් (Passwords) දෙන්න කියලා උසාවිය නියෝග කරලා තියෙද්දී ගම්මන්පිල කියනවා “දෙන්න එපා!” කියලා. හේතුව? බුද්ධි තොරතුරුකරුවන්ගේ විස්තර හෙළි වුණොත් 2002 ‘මිලේනියම් සිටි‘ පාවාදීම වගේ වෙලා බුද්ධි අංශ නිලධාරීන් 73 දෙනෙක් මරපු යුගය නැවත එන්න පුළුවලු. බුද්ධි අංශවල රහස් සහ පාස්වර්ඩ් රැකගැනීම රටේ ආරක්ෂාවට වැදගත් බව ඇත්ත, හැබැයි නීතිය සහ දේශපාලන ඩීල් මැද්දේ මේකත් ලොකු අර්බුදයක්
@@@ සජිත්ගේ සාමවිනිසුරු සහ ළමා ආරක්ෂණ බයිලාව! පියාණෝව.. හරිහා ලෝන් ඔං හය හතර ගී ලොව රජු…පියසෙනෙහසට කවි බයිලා කියවුනා මදී…මෙන්න බයිලාව.
(තනුව: “සුදු අසුපිට නැගලා…” තාලයට) සාමවිනිසුරු වෙන්නට සහතික ඕනෑ නැතේ… මරදන්කඩවල වෑල්ඩින් වෙද මහත්තුරු ඇතේ…ළමයි හතළිස් හයදහසක් හිංසනයට මැදිවී… විපක්ෂ නායක හඬ නගනා දියවන්නාවේ සෙදවී…!
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සාමවිනිසුරු ජාතික සමුළුවේදී අපූරු යෝජනාවක් කරනවා. සාමවිනිසුරු පදවිය දෙන්න අධ්‍යාපන සුදුසුකම් විතරක් බලන්න එපාලු. ගමේ ඉන්න මරදන්කඩවල වෑල්ඩින් වෙදමහතා වගේ සුවිශේෂී, පළපුරුද්ද තියෙන සමාජ පිළිගැනීමක් ඇති අයටත් ඒක දෙන්න ඕනලු. ඒ වගේම සාමවිනිසුරුවන්ට එකට රැස්වෙන්න නීතියෙන් බාධා කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්ලු.එතකොට ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය ගැන කතා කරමින් සජිත් කියනවා රටේ ළමුන් 46,000ක් හිංසනයට ලක්වෙලා කියලා. ඒ අයට කඩිනමින් යුක්තිය ඉටු කරන්න කියලා එතුමා පාර්ලිමේන්තුවේ හඬ නගනවා.
@@@@ සතියේ ගවේෂණාත්මක තිත්ත ඇත්ත: “හදිසි අනතුරු මාරයා“සෑම පැය 3කටම අපට ජීවිත 4ක් අහිමි වෙයි!මහා මාර්ගවලටත් වඩා 50%ක්ම අනතුරු වෙන්නේ තමන් ආරක්ෂිතයි කියා සිතන නිවස තුළදීමයි!
වසරකට 15%ක් රථවාහන අනතුරුවලින් ජීවිත 2,500ක් අහිමි වෙද්දී, ඇද වැටීම් (25%-27%) සහ සත්ව සපාකෑම් (13.5%) නිසා වසරකට මිලියනයක් රෝහල්ගත වෙනවා. මියයන 8,000-10,000න් බහුතරය රටේ වටිනාම වයස අවුරුදු 15-44 තරුණ පරපුරයි. එයින් 7,500ක්ම රෝහලට ගෙන යන්නත් කලින්ම අවසන් හුස්ම හෙළනවා.දේශපාලකයෝ දියවන්නාවේ බයිලා කියද්දී, සාමාන්‍ය ජනතාව පාරේ, තොටේ, ගෙදරදී අනතුරුවලින් මියයන මේ ඛේදවාචකය ගැන මීට වඩා රටක් විදිහට අප අවදි විය යුතු නැද්ද?
ජනපති අනුර තනුව සමගින් හරිණි හරි වැනුම හරහා 139 කට නඩු පවරන්න ජනපති මෛත්රිගේ කළු කෝට් අප්පුගේ මිතු රා තන්ත්‍රීගේ මගේ මිතුරාගේ කියපු කතාව නඩු කතාව රතු ඉර පත්තරේ ට ලියලා දීලා මුල් පිටුවේ පල උනා රතු ඉර පත්තරේ විස්තරේ බලන්න මේ ඉරිදා 2026.07.05 හා ද ..139ට නඩු ද මාර කතාවක් …රතුඉර පනින කතාවක්..
ලබන සතියේ සරිගම දියවන්නා තවත් බයිලා රැසකින් හමුවෙමු මෙයට ලියන අප්පු නිමල් අල්ගෙවත්ත …

