එළඹෙන ජූලි 11 වනදාට යෙදෙන ලෝක ජනගහන දිනය නිමිත්තෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මෙරට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත ඇසුරෙන් කළ විමර්ශනයකදී මෙරට අනාගත පැවැත්ම පිළිබඳ අතිශය භයානක තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව ලංකාවේ ජන හා සමාජ විද්‍යාඥයන් අනතුරු අඟවති.
ලෝක ජනගහනය බිලියන 8.3 (මිලියන 8,300) සීමාව ඉක්මවා යද්දී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින්නේ ඊට හාත්පසින්ම වෙනස් ප්‍රබල බියකරු ජනගහන ව්‍යසනයකට බවද ඔවුහු ප්‍රකාශ කළහ.
පවතින ආර්ථික පීඩනය හේතුවෙන් තරුණ පරපුර විවාහ වීම ප්‍රමාද කිරීම සහ දරුවන් බිහි නොකිරීම නිසා මෙරට ප්‍රජනන අනුපාතය එක් කාන්තාවකට දරුවන් 1.3 ක් වැනි ඓතිහාසික පහළ මට්ටමකට වැටී ඇති බවත් රටක ජනගහනය ස්ථාවරව පවත්වා ගැනීමට නම් මෙම අනුපාතය අවම වශයෙන් 2.1 ක් විය යුතු බව ඔවුහු අවදාරණය කර සිටිති.
ලංකාවේ වත්මන් ජනගහනය මිලියන 23.3 ක් බවන අතර එහෙත් වාර්ෂිකව වෘත්තිකයන් ඇතුළු තරුණ ශ්‍රමිකයන් 30,000 කට අධික පිරිසක් රට හැර යාම සහ උපත් අනුපාතය බිඳ වැටීම නිසා රට තුළ වැඩ කළ හැකි ශ්‍රම බලකාය සීඝ්‍රයෙන් අවම වෙමින් පවතින බවද ඔවුහු පැවසුහු.
ජාත්‍යන්තර ප්‍රක්ෂේපණවලට අනුව වහාම මීට පිළියම් නොයෙදුවහොත් 2100 වන විට ලංකාවේ ජනගහනය මිලියන 21 දක්වා පහත වැටෙනු ඇති බව දත්ත සටහන් මගින් විද්වතුන් ප්‍රකාශ කළහ.
ලංකාවේ මධ්‍යස්ථ වයස මේ වන විට අවුරුදු 33.6 ක් වන අතර ලංකාවේ සමස්ත ජනගහනයෙන් 12.6% ක්ම වයස අවුරුදු 65 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වන අතර දකුණු ආසියාවේ වේගයෙන්ම වයස්ගත වන ජනගහනය සහිත රට බවට ලංකාව පත්ව ඇති බවද ඔවුහු ප්‍රකාශ කළේ ය.
මේ නිසා ඉදිරි දශකය තුළ රටේ නිෂ්පාදන ආර්ථිකය කඩා වැටීමේ සහ වයස්ගත ජනතාව වෙනුවෙන් වැය කිරීමට සිදුවන සෞඛ්‍ය පිරිවැය දරාගත නොහැකි ලෙස ඉහළ යාමේ දැඩි අවදානමක් පවතී.
ජන හා සමාජ විද්‍යාඥයන් අනතුරු අඟවන්නේ, ලෝකයේ අනෙක් රටවල් තරුණ ශ්‍රම බලකාය වැඩි කාලයේදී රටවල් සංවර්ධනය කරගත්තද, ලංකාව ආර්ථිකය ගොඩනැගීමටත් පෙරම වයස්ගත ජනගහනයක් සහිත රටක් බවට පත්වෙමින් ඇති බවයි.
මෙම ප්‍රශ්නය විසදීමට ක්ෂණික විසඳුම් 4ක් රජයට හා දේශපාලන අධිකාරිය වෙත විශේෂඥයන් විසින් යෝජනා කර සිටිති.
තරුණ ශ්‍රමිකයන් රඳවා ගැනීම සහ බදු සහන සහ ව්‍යවසායකත්ව දිරිගැන්වීම් හරහා බුද්ධි ගලනය වළක්වා ගැනීම, කර්මාන්ත ඩිජිටල්කරණය දච කළ යුතු බවද ඔවුහු පෙන්වා දෙති.
ශ්‍රම හිඟයට පිළියමක් ලෙස නවීන තාක්ෂණය කෘෂිකර්මාන්තයට හා කර්මාන්ත ශාලාවලට ආදේශ කිරීම, වැඩකරන මව්වරුන්ට සහන වහා ලබාදීයුතු බ වද ඔහුහු බ පවසිති.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා ස්ථානවලම දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම අනිවාර්ය කිරීම, වයස්ගත වන ජනගහනයේ අත්දැකීම් රටේ ආර්ථිකයට දායක කරගත හැකි පරිදි නම්‍යශීලී රැකියා අවස්ථා හඳුන්වා දීම වහා කළ යුතු බව බව ලංකාවේ ජන හා සමාජ විද්‍යාඥයන් වැඩිදුරටත් පවසති.

