(සතියේ ගවේෂනාත්මක පුවත)

රටක් ලෙස අප මෙතෙක් නොසිතූ, එහෙත් අපේ ඇස් පනාපිටම සිදුවන මහා විනාශයක තිත්ත ඇත්ත සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය විසින් නිකුත් කළ නවතම දත්ත මඟින් අනාවරණය වී තිබේ.

යුද්ධයකදීවත් සිදු නොවන මට්ටමේ මහා ජීවිත විනාශයක් සහ ආර්ථික බිඳවැටීමක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතින්නේ ‘හදිසි අනතුරු’ නමැති නිහඬ මාරයා හේතුවෙනි. 

සෑම විනාඩියකටම 6ත් 8ත් අතර පිරිසක් අනතුරේ ඇතිබව නවතම දත්ත පෙන්වා දෙයි.

නිල ඇස්තමේන්තුවලට අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් සෑම 7 දෙනෙකුගෙන් එක් අයෙකුම වසරකට වෛද්‍ය ප්‍රතිකාර ලැබිය යුතු මට්ටමේ අනතුරකට ලක්වේ.

එය තවදුරටත් සරලව පැවසුවහොත්, සෑම විනාඩියක් පාසාම මෙරට පුද්ගලයන් 6 සිට 8 දෙනෙකු අතර ප්‍රමාණයක් අනතුරුවලට ලක්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවේ.

එදිනෙදා ජීවිතයේ සිදුවන සුළු අනතුරුද සලකා බැලූ විට, සෑම ශ්‍රී ලාංකිකයෙකුම වසරකට අවම වශයෙන් එක් අනතුරකට හෝ ලක්වන බව මෙමඟින් හෙළි වේ. 

දිනකට 30ක් මියයන මහා ඛේදවාචකය බරපතල කමක්ද  රට හමුවේ පවතින බව නවතම දත්ත පෙන්වා දෙති.

රටම කම්පා කරවන දරුණුතම කරුණ නම් විවිධ අනතුරු හේතුවෙන් වාර්ෂිකව ශ්‍රී ලංකාවට අහිමි වන වටිනා ජීවිත සංඛ්‍යාව 8,000ත් 10,000ත් අතර වීමයි. මෙය මෙරට වාර්ෂික සමස්ත මරණ සංඛ්‍යාවෙන් 8%ක් තරම් ඉහළ අගයකි.  මෙම මරණ අනුපාතය දෙස බැලීමේදී රටේ පවත්නා අවදානම මැනවින් පැහැදිලි වේ..

ලංකාවේ සෑම මසකම ජීවිත 800 – 1,000ක් රටට අහිමි වේ.  දිනපතාම පුද්ගලයන් 30 දෙනෙකු පමණ මියයයි.  සෑම පැය 3කටම අවම වශයෙන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වේ. 

මෙහි ඇති භයානකම තත්ත්වය නම් මෙලෙස මියයන පිරිසෙන් 7,000 – 7,500කට අධික ප්‍රමාණයක් රෝහලක් වෙත රැගෙන යාමටත් මත්තෙන් අවසන් හුස්ම හෙළීමයි. 

මෙම අනතුරුවලින් බහුතරයකට ගොදුරු වන්නේ රටේ ඉදිරි ගමන තීරණය කරන, රටට වඩාත්ම වැඩදායී වයස් සීමාව වන අවුරුදු 15ත් 44ත් අතර පසුවන තරුණ සහ මැදවයස් කාණ්ඩයේ පිරිස්ය. එම වයස් කාණ්ඩයේ සිදුවන මරණවලට ප්‍රධානතම හේතුව ද අනතුරු වීම ජාතික වශයෙන් බරපතල ඛේදවාචකයකි.

මීට අමතරව තවත් දස දහස් ගණනක් ජීවිත කාලය පුරාවටම ආබාධිත තත්ත්වයට පත්වෙති. 

ජාතික අනතුරු ආවේක්ෂණ පද්ධතියේ නවතම දත්තවලට අනුව රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ පහත සඳහන් හේතූන් මතයි.

ඇද වැටීම්: 25% – 27%   රථ වාහන අනතුරු: 15% (නොදැනුවත්ව සිදුවන අනතුරු මරණවලින් ප්‍රධාන තැනක් ගන්නා අතර වසරකට ජීවිත 2500ක් අහිමි කරයි). ද්‍රව්‍යයන් ශරීරය මතට වැටීම්, 14%   සත්ත්ව සපාකෑම්, 13.5% බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබන්නන්ගෙන් 70%ක්ම සත්ත්ව සපාකෑම් වේ.

ලංකාවේ පුද්ගල පහරදීම් 11%   කැපීම් සහ කෙටීම්.8%   සියදිවි හානිකර ගැනීම්, වසරකට ජීවිත 3,000කට අධික ප්‍රමාණයක් අහිමි කරමින් දැනුවත්ව සිදුවන අනතුරු අතර ප්‍රධාන වේ. මේ අතර අවදානම් කලාපය නිවස නවතම තොරතුරු අනාවරණය කර තිබේ.

බොහෝ දෙනා සිතන්නේ අනතුරු බහුලවම සිදුවන්නේ මහා මාර්ගවල කියාය. එහෙත් දත්ත පෙන්වා දෙන්නේ සමස්ත අනතුරුවලින් 50%කට වඩා සිදුවන්නේ තමන් ආරක්ෂිත යැයි සිතන නිවස සහ ඒ ආශ්‍රිත පරිසරය තුළ බවයි.

මාර්ග ආශ්‍රිතව සිදුවන්නේ 25%ක් පමණි.  සෞඛ්‍ය අයවැය අනතුරුවලට බිලිවෙයි. විසඳුම කුමක්ද?අනතුරු නිසා සිදුවන මෙම මහා විනාශය රටේ සමස්ත සංවර්ධනයට හා ආර්ථික වර්ධනයට මාරක පහරක් එල්ල කර ඇති  සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share.
Leave A Reply