ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ නව පනත් ?

මෙරට බන්ධනාගාරගත කර සිටින සමස්ත පිරිසෙන් 70%ක්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභා රැස්වීමේදී අනාවරණය වී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා වන විශේෂ ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු විය. මත්ද්‍රව්‍ය ව්‍යසනය පාසල් පද්ධතියෙන් තුරන් කිරීම සඳහා මේ වන විටත් පාසල් මට්ටමින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් 225ක් ක්‍රියාත්මක කර ඇති බවද එහිදී හෙළි කෙරිණි.

මෙම ජාතික ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ නව පනත් කෙටුම්පත කඩිනමින් ගැසට් කිරීමටත්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බහුදින ධීවර යාත්‍රා රාජසන්තක කිරීමට නීති දැඩි කිරීමටත් ජනාධිපතිවරයා මෙහිදී අදාළ අංශවලට උපදෙස් දුන්නේය.

Share.
Leave A Reply