දත්ත මත පදනම් වූ ශක්තිමත් ආර්ථික සැලසුම්කරණයක් වෙනුවෙන් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ඉ-ආර්ථික සංගණනය (e-Census 2026) ජූලි මස 1 වැනිදා සිට නිල වශයෙන් ආරම්භ කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙම ජාතික වැදගත්කමකින් යුතු මෙහෙයුම ක්‍රියාවට නංවනු ලබයි.

රටේ පවත්නා සියලුම කෘෂිකාර්මික නොවන (කර්මාන්ත, ඉදිකිරීම්, වෙළෙඳ හා සේවා) ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ විශ්වසනීය සංඛ්‍යාන දත්ත රැස් කිරීම.

සේවක සංඛ්‍යාව 50 හෝ ඊට වැඩි සියලුම විශාල පරිමාණ ආයතන සඳහා මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ තොරතුරු ලබාදීමේ පහසුකම සලසා ඇත.

මෙම ඩිජිටල් ක්‍රමවේදය හරහා දත්ත රැස් කිරීම වඩාත් කාර්යක්ෂම, වේගවත්, පිරිවැය-ඵලදායී මෙන්ම පරිසර හිතකාමී වෙයි.

සංගණන හා සංඛ්‍යාලේඛන ආඥාපනත යටතේ ලබාදෙන සියලුම තොරතුරුවල පූර්ණ රහස්‍යභාවය සුරක්ෂිත කෙරෙන අතර ඒවා භාවිත කරනුයේ සංඛ්‍යානමය කටයුතු සඳහා පමණි.

අදාළ විශාල පරිමාණ ආයතන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.statistics.gov.lk හෝ ecensus.ecsl.statistics.gov.lk වෙත පිවිස ප්‍රථමයෙන් ලියාපදිංචි විය යුතුය. ඉන්පසුව ඊ-තැපෑල (Email) හරහා ලැබෙන සබැඳිය (Link) ඔස්සේ තොරතුරු සෘජුවම මාර්ගගතව ඉදිරිපත් කළ හැකිය.

නියමිත කාලය තුළ මාර්ගගතව තොරතුරු ඉදිරිපත් නොකරන ආයතන වෙත ඉදිරියේදී නිලධාරීන් පැමිණ තොරතුරු රැස් කිරීමට නියමිත වුවත්, කාලය ඉතිරි කරගැනීම සහ පහසුව වෙනුවෙන් හැකිතාක් මෙම ඉ-සංගණන පද්ධතියම භාවිත කරන ලෙස අධ්‍යක්ෂ ජනරාල් කේ.එම්.ඩී.එස්.ඩී. කරුණාරත්න මහතා සියලු ආයතනවලින් ඉල්ලා සිටියි.

Share.
Leave A Reply