වත්මන් ජාතික ජන බලවේග (NPP) ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මැතිඇමතිවරු 139 දෙනෙකුට එරෙහිව දින 14 ක් ඇතුළත අධිකරණය හමුවේ බරපතල දූෂණ චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු සූදානම් කර ඇතැයි ‘ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහික ව්‍යාපාරය’ අනාවරණය කරයි.
නව දූෂණ විරෝධී පනතේ දැඩි ප්‍රතිපාදන උපයෝගී කරගනිමින්, දැනට ආණ්ඩුවේ සිටින ප්‍රබල අමාත්‍යවරුන් රැසකගේ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් වූ ලිඛිත සාක්ෂි හා දත්ත රැසක් තමා සතුව ඇති බව එම ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රීගේ මහතා ප්‍රකාශ කළේය.
දර්ශන තන්ත්‍රීගේ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, තමන් සතු සාක්ෂි අනුව මෙම මන්ත්‍රීවරුන් 139 දෙනාම නියත වශයෙන්ම වැරදිකරුවන් වනු ඇති බවයි.
මෙම නඩු පැවරීමත් සමඟ වත්මන් ආණ්ඩුවේ ස්ථාවරත්වයට දැඩි ‘රතු ඉරක්’ වැටෙනු ඇති බව ඔහු සඳහන් කළේය.
“ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරු රැසකගේ දූෂණ රැසක් කරුණු සහිතව අප සතුව තිබෙනවා. මේ දූෂණ යටතේ මේ අය නියත වශයෙන්ම වැරදිකරුවන් වන බව අපට විශ්වාසයි. අගමැතිනිය ප්‍රමුඛ සුළු පිරිසක් පමණක් පනත යටතේ වැරදිකරුවන් වනවාද නැද්ද, ජනාධිපතිවරයාත් මේ දූෂණ පනත යටතේ වැරදිකරු වනවාද යන්න නඩු පවරන දිනයේදී අප රටටම හෙළි කරනවා යයි ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහික ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රීගේ මහතා කීය.
නව දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදනවලට අනුව යම් හෙයකින් මෙම චෝදනාවලට ලක්වන මන්ත්‍රීවරුන් වැරදිකරුවන් වුවහොත් ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයන් අහෝසි වීමේ බරපතල නීතිමය අවුලක් නිර්මාණය වන බවද ශමු කීය.
එවැනි තත්ත්වයක් තුළ පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දිස්ත්‍රික් මට්ටමින් ජාතික ජන බලවේගයේ මනාප ලැයිස්තු අනුව ඊළඟට වැඩිම මනාප ලබාගත් (ලැයිස්තුවේ මීළඟට සිටින) අපේක්ෂක අපේක්ෂිකාවන් තෝරාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සඳහා පත් කිරීමට ආණ්ඩුවට සිදුවනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේ ය.
දින 14ක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙරට දේශපාලන ඉතිහාසයේ දැවැන්තම නීතිමය සටනක් මෙලෙස ආරම්භ කරන බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

