දිවයින පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු උවදුර මර්දනය කිරීම සඳහා ජුනි 24, 25 සහ 26 යන තෙදින තුළ විශේෂ ජාතික මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.
ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් සිදුවන මෙම වැඩසටහන පිළිබඳව මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බැවින්, රජයේ ආයතන, කර්මාන්තශාලා සහ නිවාස අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට ජනතාව උනන්දු කරවීමේ පුළුල් ප්‍රචාරණ යාන්ත්‍රණයක් සඳහා සහාය වන ලෙස ජනාධිපති ලේකම්වරයා මෙහිදී සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ කිහිපයක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මාධ්‍ය නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ.

