අධිකරණ ක්ෂේත්‍රය තුළ දැනට පවතින බරපතළ ව්‍යූහාත්මක සහ පරිපාලනමය ගැටලුවලට වහාම විසඳුම් සෙවීම සඳහා පා ර් ලි මේන්තුව මැදිහත් විය යුතු බව අවධාරණය කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අද (23) කථානායකතුමා වෙත විශේෂ ලිපියක් භාර දෙනු ලැබීය. 

ස්ථාවර නියෝග 19 (1) යටතේ හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලමින් ඉදිරිපත් කළ මෙම ලිපිය මඟින් ඔවුන් පෙන්වා දෙන්නේ, යුක්තිය පසිඳලන ආයතනවල පවතින පුරප්පාඩු හේතුවෙන් නඩු ගොඩගැසීම සහ නඩු විභාග ප්‍රමාද වීම බරපතළ සමාජීය අ ර් බු ද යක් දක්වා  වර් ධනය  වී ඇති බවයි. 

ජනතාවට නියමිත කාලය තුළ සාධාරණය ඉටු නොවීම හේතුවෙන් සමස්ත අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳවැටීමේ අවදානමක් මතුව ඇති බැවින්, මේ පිළිබඳව වහාම පා ර් ලි මේන්තු කථිකාවතක් පවත්වා ඵලදායී විසඳුම් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස විපක්ෂය රජයෙන් ඉල්ලා සිටී.

Share.
Leave A Reply