“දැන් සැපද සහෝදරවරුනි?” – මැති ඇමතිවරුන් රෙදි ගැලවෙන සටනකට කැඳවයි!
ඇඬියාව නතර කරනු! හැකිනම් සටනට එනු! – පාලකයන්ට එරෙහිව ජනතා බලවේගය පෙරට!
අනුර ඇතුළු කැබිනට්ටුවටම එල්ල වූ දරුණුතම ප්‍රහාරය! “දැන්වත් කෙඳිරිගාන එක නවත්තන්න!”
ලංකාවම හොල්ලන සටනක් ලෑස්තියි! සහෝදරවරුන්ගේ ‘කෙඳිරිල්ලට’ ලැබුණු සුපිරි උත්තරය!
“අපි ලෑස්තියි! ඔබ ලෑස්තිද?” – ආණ්ඩුවේ ඇමතිවරුන්ට දුන් දේශපාලන ‘චැලේන්ජ් එක’!
“කෙඳිරිගෑම පසෙක ලා සටනට එන්න” – පාලකයන්ට එරෙහිව සමාජ මාධ්‍ය කැළඹූ ප්‍රබල ප්‍රකාශය!
අනුර ප්‍රමුඛ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ජනතාව සටන් බිමට? – විශේෂ හෙළිදරව්ව!
සමගි ඒ්කාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක කැදවුම්කරු ආනන්ද පාලිත කියයි.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (22) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ සමගි වෘත්තීය සමති සම්මේලනයේ කැදවුම්කරු ආනන්ද පාලිත මහතා කියයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,
‘‘වැඩිවුණ ඉන්ධන මිල පාලනය කිරීම සඳහා ජනතාවට ඉන්ධන සහනාධාරයක් ලබාදුන් බව ආණ්ඩුව ප්‍රකාශ කළා. ඉන්ධන ලීටරය රුපියල් 600 ත් 700 ත් අතර මුලකට වැඩි කළ යුතුව තිබුණත් එලෙස සිදු නොකළ බවත් ආණ්ඩුව ප්‍රකාශ කළා. කෙසේ නමුත් මෙම ප්‍රකාශ ආණ්ඩුව විසින් ඉවත් කරගත යුතුයි.
ඒ වගේම ඉන්ධන පිළිබඳව පර්යේෂණ පවත්වන , මහජන උපයෝගිතා කොමිසමේ උපදේශකවරයෙකු වන සිරිල් සල්ගාදු මහතා සම්බන්ධ කරගෙන අඩු මුදලට බොරතෙල් ලංකාවට ලබා දෙන්න කටයුතු කර තිබුණා. නමුත් ඒ සඳහා ආණ්ඩුව අවදානය යොමු කළේ නැහැ. නමුත් ආණ්ඩුව ඉන්ධන ක්ෂණික මිලදී ගැනිම් යටතේ ඉන්ධන ලංකාවට ගෙන්වන්න කටයුතු කරනු ලැබුවා. ඉතිහාසයේ කිසි දවසක මෙවැනි දෙයක් සිදුවෙලා නැහැ.
ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම් උල්ලංඝනය කරමින් , ජනතාවගේ මුදල් ගසා කන ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල වැඩි කරන්න ආණ්ඩුව කටයුතු කරනු ලැබුවා. ඒ වගේම ආණ්ඩුව ඉන්ධන මිල වැඩි කිරීමට පෙර පෙට්ට්‍රල් ලිටරයක් ලංකාවට ගොඩබා තිබෙන්නේ රුපියල් 234 කට සහ ඩිසල් ලීටරයක් 280 කට. ඒ වගේම බොරතෙල් බැරලයක් ඩොලර් 7.5 ක් අඩුවෙන්. මේ මිලට ඉන්ධන ගෙනැවිත් තිබෙන අවස්ථාවකයි ආණ්ඩුව අධික මිලකට ඉන්ධන වැඩි කරන්න කටයුතු කළේ.
ඒ වගේම ඉන්ධන මිල අඩු කරන්න එපා කියලා පෞද්ගලික ඉන්ධන ගෙන්වන සමාගම් ප්‍රකාශ කර තිබෙනවා. එම සමාගම්වලට ලබාදෙනවා කිව්ව සහන ආණ්ඩුව ලබාදිලා නැහැ. ඒ වගේම තෙල් සංස්ථාව පත්කළ කණ්ඩායම ගත්ත මිලට පෞද්ගලික ඉන්ධන සමාගම් තෙල් මිලදී ගෙන නැහැ. ඔවුන් ඩොලර් 50 ට , 60 ට , ඉන්ධන මිලදී ගෙන නැහැ. ඔවුන් ඉන්ධන මිලදී ගෙන තිබෙන්නේ ඩොලර් 10 ට 12 ට. එවැනි තත්ත්වයක් තුළ තමයි තෙල් සංස්ථාව ඉන්ධන මිල වැඩි කරන්න කටයුතු කළේ. කෙසේ නමුත් එම සමාගම්වලට ලබාදෙන බව කිව්ව සහන ලබා දෙන්නයි , ජනතාවගේ මුදල් ගසා කන්නයි අවශ්‍ය නිසා ඉන්ධන මිල අඩු කරන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ.
ඒ වගේම ඉන්ධන මිල අගොස්තු , සැප්තැම්බර් වනවිට ඉන්ධන මිල අඩුකරන බව බිමල් රත්නායක ඇමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම පරණ තෙල් වැඩි මිලට මිලදී ගත් නිසා ඉන්ධන මිල වැඩි කරන්න නොහැකි බව අගමැතිවරිය ප්‍රකාශ කරනවා. ඒ වගේම ඉන්ධන තොග අවශ්‍ය ප්‍රමාණයට තිබෙන බව ජනාධිපතිවරයා මාර්තු මාසයේදී ප්‍රකාශ කරනු ලබනවා. ඒ වගේම ලංකාවට පැමිණිමට නියමිත ඉන්ධන නැව් සියල්ල සුදානම් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම මාර්තු 28 පැමිණිමට තිබු ඉන්ධන නැවේ ඉන්ධන බැරලයක් ඩොලර් 4.8 ක් ලෙස මිලදී ගන්න ගිවිසුම් ගතවී තිබුණා. නමුත් ඒ ගිවිසුම ඉවත් කර ඉන්ධන බැරලයක් ඩොලර් 40 ත් 50 ත් අතර මුදලක මිලදී ගන්න ආණ්ඩුව කටයුතු කරනු ලැබුවා.
ඒ වගේම පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ තෙල් සංස්ථාව රුපියල් මිලන 36 ක ලාභයක් ලබා තිබෙනවා. ජනවාරි සහ පෙරවාරි මාසය තවත් බිලියන දෙකකට වඩා ලාභ ලැබී තිබෙනවා. මෙවැනි ශුද්ධ ලාභයක් තිබියදී ආණ්ඩුව ජනතාවගේ මුදල් ගසාකන ඉන්ධන සුත්‍රයට අනුව ඉන්ධන මිල වැඩි කරන්න කටයුතු කළා. ඒ වගේම මේ වනවිට පිරිපහදුවේ ඔක්ටේන් අගය 92 කට පැමිණිලා නැහැ. ඔක්ටේන් අගය 80 ත් 90 ත් අතරයි තිබෙන්නේ. පිරිපහදු කරන ඉන්ධන වැඩි මිලට ගත් පෙට්ට්‍රල් සමඟ කවලම් කරන්න තෙල් සංස්ථාව කටයුතු කරනවා. මේ සඳහා විශාල මුදලක් වැය වෙනවා.
ඒ වගේම රජය පිරිපහදු තෙල් වල මිල ගණන් රටට ඉදිරිපත් කරන්නෙත් නැහැ. ඒ වගේම පෞද්ගලික ඉන්ධන සමාගම්වලට මිල වැඩි කරන්න දෙන්නේ නැති බවත් ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් අද පෞද්ගලික ඉන්ධන සමාගම්වලට ජනතාවගේ මුදල් ගසා කන්න ආණ්ඩුව ඉඩ ලබාදී තිබෙනවා. කෙසේ නමුත් පෙට්ට්‍රල් සඳහා අයකරන බදු ගණනය කරලා පිරිපහදුවේ සියයට 25 ත් ගණනය කරලා ගැටලුවකින් තොරව පාඩු නැතිව පෙට්ට්‍රල් ලිටරයක් රුපියල් 125 කින් ඩිසල් ලිටරයක් රුපියල් 110 කින් අඩු කළ හැකි.
ඒ වගේම ඉන්ධන මිල 6 වතාවක් වැඩි වෙලා තිබෙනවා. නමුත් කුලි රථ රියදුරන්ගේ ගාස්තුව කිසිදු මුදලකින් වැඩි වෙලා නැහැ. නමුත් කුලි රථ සේවා සමාගම් සියයට 12 ක කොමිසම අනිවර්යෙන්ම ගන්නවා. නමුත් ඔවුන්ට කිසිදු සහනයක් නැහැ. ඒ වගේම වෘත්තිකයන් බොහොමයක් රාජකාරිය අවසන් වී කුළි රථ වල සේවය කරන්න කටයුතු කරනවා. ඒ නිසා වහාම ඉන්ධන මිල අඩු කළ යුතුයි. ඒ වගේම ගසා කන සුත්‍රයට ගත් WTI බොරතෙල් නුසුදුසු නිසා පිරිපහදුවේ නියම අගයක් ගන්න බැරි නිසා අද 92 පෙට්ට්‍රල් හැදෙන්නෙත් නැහැ.
ඒ වගේම කෝටි ගණනක ඉන්ධන අවභාවිතා කළ , ලක්ෂ 6 ක පමණ වැටුපක් ලබා ගන්න වරදාන වරප්‍රසාද ලබා ගන්නා තෙල් සංස්ථාවේ සභාපති වෙනුවෙන් ජනාධිපති කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. සිරගත කළ යුතු , දේශාද්‍රෝහි පුද්ගලයෙක් තෙල් සංස්ථාවේ සභාපති ලෙස පත් කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ඉන්ධනවලින් සමස්ථ ජනතාව පිඩාවට පත් කරන්න මොවුන් කටයුතු කර තිබෙනවා. ඉන්ධන සදහා ගසා කන සුත්‍රයක් හරහා ජනතාවගේ මුදල් ගසා කන වෙනත් කිසිදු රටක් නැහැ. ‘

