දේශපාලන සහ සිවිල් ක්‍රියාකාරීන් ඉලක්ක කර ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ක්‍රියාත්මක කරන නවතම මර්දන රැල්ල පිටුපස, නීතිය විකෘති කිරීමේ බරපතළ කුමන්ත්‍රණයක් පවතින බව “දිනන දකුණ සාමූහිකය” නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෑතකාලීනව විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, මහින්ද පතිරන, අසංක නවරත්න සහ සුගීශ්වර බණ්ඩාර යන මහත්වරුන්ට එරෙහිව CID ය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සිය දැඩි පිළිකුල සහ විරෝධය පළ කරන එම සාමූහිකය, වත්මන් පොලිස් ක්‍රියාකාරීත්වය ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක ලක්ෂණයක් නොවන බව පෙන්වා දෙයි.
පොලිසියට නඩු පවරන්න නීතියක් නෑ!
“දිනන දකුණ සාමූහිකය” අවධාරණය කරන්නේ 2024 අංක 8 දරණ අධිකරණයට අපහාස කිරීමේ පනත යටතේ පොලීසියට ස්වාධීන අධිකරණයක් වෙනුවෙන් පෙනී සිටිමින් නඩු පැවරීමට කිසිදු නීතිමය ප්රතිපාදනයක් නොමැති බවයි. එසේ තිබියදී CID ය විසින් සාපරාධී විමර්ශන ආරම්භ කිරීම නීතිය සෘජුවම අවභාවිත කිරීමක් සහ සිවිල් වැසියන් බියවැද්දීමක් ලෙස ඔවුහු හඳුන්වති.
CID ප්‍රධානියා රැකගන්න අධිකරණය පලිහක් කරගෙන?
මෙම මර්දනයේ ඇතුළාන්තය හෙළි කරමින් දිනන දකුණ සාමූහිකය පවසන්නේ, මේ වන විට මහජන විවේචනයට ලක්ව සිටින CID ප්‍රධානියා කෙරෙහි එල්ල වන චෝදනා වසා ගැනීමට පොලීසිය විසින් අධිකරණයේ ගෞරවය “පලිහක්” කරගෙන ඇති බවයි.
“රාජ්‍ය නිලධාරීන් විවේචනය කරන සිවිල් ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් නිශ්ශබ්ද කිරීමට අධිකරණ අපහාස චෝදනා අවභාවිත කිරීම ශිෂ්ට සම්පන්න සමාජයකට ගැලපෙන්නේ නැහැ. මෙය ප්රජාතන්ත්රවාදී පාලනයක් නොව පොලිස් රාජ්‍යයක පෙරනිමිත්තක්.”
ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි වගන්තියෙන් (හෘද සාක්ෂියේ නිදහස) සහ 14(1)(a) වගන්තියෙන් (භාෂණයේ නිදහස) සහතික කර ඇති මූලික අයිතිවාසිකම් මෙමඟින් සෘජුවම අනතුරේ වැටී ඇත. රාජ්‍ය ආයතන දේශපාලනීකරණය වන විට ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමට පුරවැසියාට පරමාධිපත්‍ය බලයක් ඇති බව සිහිපත් කරන එම සාමූහිකය, පාලකයන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර වෙනුවෙන් පොලිස් බලය අවභාවිත කිරීම වහාම නතර කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
– දිනන දකුණ සාමූහිකයේ නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව

