කොලොන්නාවට රුපියල් ලක්ෂ 1,250ක මහා වාරි ව්‍යාපෘතියක්: දේශපාලන අතපෙවීම් පසෙකලා ගංවතුරට ස්ථිර විසඳුම්!
වසර ගණනාවක් තිස්සේ කොලොන්නාව ජනතාව පීඩාවට පත් කළ ගංවතුර ගැටලුවට ස්ථිරසාර විසඳුම් ලබාදෙමින්, මේ වසර තුළ පමණක් රුපියල් ලක්ෂ 1,250 ක දැවැන්ත ප්රතිපාදනයක් යටතේ ඇල මාර්ග පද්ධති පුළුල් කිරීමේ හා සංවර්ධනය කිරීමේ මහා ව්‍යාපෘතියක් රජය විසින් ආරම්භ කර තිබේ.
නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අවධාරණය කරන්නේ සාම්ප්‍රදායික ප්‍රභූ දේශපාලන ක්‍රමය නිමා කරමින්, ඉතිහාසයේ ප්‍රථම වතාවට ආපදාවට පත් 29,000 ක ජනතාවක් වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් වූ සෘජු මූල්‍ය සහන දැනටමත් පිරිනමා ඇති බවයි. මීට අමතරව අර්ධ හානි වූ නිවාස සඳහා ලක්ෂ 5 ක් සහ පූර්ණ හානි සඳහා ලක්ෂ 50 ක් බැගින් පෙර නොවූ විරූ වන්දි මුදල් පිරිනැමීමට ද පියවර ගෙන ඇත.
ප්‍රදේශයේ සිදුවන අනවසර ඉදිකිරීම් හෝ ගොඩකිරීම් සඳහා මින්පසු කිසිදු දේශපාලන බලපෑමකට හෝ අතපෙවීමකට ඉඩ නොතබන බවත්, මහල් නිවාස ඉදිකිරීම් ඇතුළු සියලු සංවර්ධන කටයුතු තීරණය වන්නේ විද්‍යාත්මක ශක්‍යතා අධ්‍යයන මත පමණක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. සැමදා ජනතා පීඩාව දේශපාලන වාසි සඳහා යොදාගත් විපක්ෂයේ දේශපාලන සටන් පාඨ අභියෝගයට ලක් කරමින් රජය මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත.

