“සුරේෂ් සලේ වෙනුවෙන් කෙරෙන උපවාසය ගැන සිරිල් ගාමිණී පියතුමාගෙන් විශේෂ ප්‍රකාශයක්”
“උපවාසය පිටුපස සැඟවුණු දේශපාලනය සිරිල් ගාමිණී පියතුමා රට හමුවේ හෙළි කරයි”
බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ නිදහස් කරන ලෙස ඉල්ලා ක්‍රියාත්මක වන උපවාස ව්‍යාපාරය සම්බන්ධයෙන් කතෝලික සභාවේ ජාතික සන්නිවේදන අධ්‍යක්ෂ ගරු සිරිල් ගාමිණී පියතුමා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සිය දැඩි අවධානය යොමු කර තිබේ.
එහිදී අදහස් දැක්වූ පියතුමා අවධාරණය කළේ, මෙවැනි උපවාස සහ බලපෑම් කිරීම් හරහා සිදුවන්නේ දැනට ක්‍රියාත්මක වන නීතිමය ක්‍රියාවලීන්ට සහ පරීක්ෂණවලට බාධා පැමිණීම බවයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු සංවේදී සිදුවීම් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුවිය යුතු මොහොතක, පුද්ගලයන් ආරක්ෂා කිරීමට දේශපාලනමය හෝ වෙනත් පටු අරමුණු වෙනුවෙන් මෙවැනි උපවාස සංවිධානය කිරීම සාධාරණීකරණය කළ නොහැකි බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.
රටේ නීතිය සහ අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසය තැබිය යුතු බවත්, කිසියම් පුද්ගලයෙකු වැරදිකරුවෙකු හෝ නිවැරදිකරුවෙකු ද යන්න තීරණය කළ යුත්තේ පාරිශුද්ධ වූ අධිකරණ ක්‍රියාවලියකින් මිස වීදි සටන් හෝ උපවාස මඟින් නොවන බවත් සිරිල් ගාමිණී පියතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
වසර 7ක් දුක් විදින ජනතාවට නීතිය ක්‍රියාමක විය යුතුයි. විමර්ශන නිසි රිදි ක්‍රියාමක විය යුතුයි. තරාතිරම නොරව නීතිය ක්‍රියාමක් විය යුතුයි.විමර්ශනවලට දේශපාලන අතපෙවීම් සිදු වන බවක් දැකිය නොහැකියි.

