1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත මගින් වයස අවුරුදු 12 ට අඩු දැරියන් විවාහ කර දීමට පවතින ඉඩකඩ හේතුවෙන් බරපතළ ලෙස ‘ළමා අපචාර’ සිදු වන බවට චෝදනා කරමින් සිංහල රාවය ජාතික සංවිධානය මෙරට එක්සත් ජාතීන්ගේ (UN) කාර්යාලය වෙත නිල පැමිණිල්ලක් සහ සංදේශයක් බාර දී ඇත.

සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සංදේශය බාර දුන් අතර, එහිදී උන්වහන්සේ අවධාරණය කළේ ලංකාවේ පොදු නීතියට අනුව විවාහ වීමේ අවම වයස අවුරුදු 18 ක් වුවද, පවතින විශේෂ ආගමික නීතිමය ප්‍රතිපාදන මත බාලවයස්කාර දැරියන් නීත්‍යානුකූලව ලිංගික ගොදුරු බවට පත්වීමේ අවදානමක් පවතින බවයි.

ජාත්‍යන්තර ළමා අයිතිවාසිකම් සම්මුතීන්ට ද පටහැනි මෙම නීතිමය තත්ත්වය වහාම වෙනස් කිරීමට සහ ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ජාත්‍යන්තර මට්ටමින් මැදිහත් වන ලෙස එම සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටී.

Share.
Leave A Reply