“සෝලර්වලටත් කෙළින්න හදන්නේ කොමිස් ගන්නද? – ආණ්ඩුවේ බංකොලොත් ප්‍රතිපත්තිය සර්වජන ලිය බල වේදිකාවෙන් හෙළි කරයි!”

“වාහන හිමියන් සහ සෝලර් පාරිභෝගිකයන් අමාරුවේ වැටෙයි! ආණ්ඩුවේ මාස 5ක කෙරුවාව මෙන්න”

“හිරු එළියෙන් කොමිස් ගන්න බැරි නිසා සෝලර් කපන්න හදනවා! – ගංගා ගෙන්  ආණ්ඩුවට සැර ප්‍රහාරයක්”

“ඩීසල් සහ ගල්අඟුරුවලින් කොමිස් ගහන්න හදන ජනතා ද්‍රෝහී කුමන්ත්‍රණය මෙන්න!”

“වාහන ගත්තු මිනිස්සු කෙළින්ම CRIB එකට! රීෂෙඩියුල් කරන්න ලක්ෂ 22ක් අතින් දාන්න වෙන අලුත්ම සෙල්ලම”

“ලීසිං උගුලක හිරකර ජනතාව බිල්ලට දෙන ආණ්ඩුවේ අලුත්ම සීමා මෙන්න!”

“මේක ජනතාවගේ ආණ්ඩුවක් නෙවෙයි! – සර්වජන ලිය බල මාධ්‍ය හමුව දෙදරුම් කවයි”

“දැන්වත් ඇස් ඇරපල්ලා! මහජනතාවට ආදරේ කරන නායකයෙක් වටා රොද බඳින්න කාලය හරි”

“තැල්ල බඳින්නත් බෙල්ලක් තියෙන්න ඕනේ ජනපතිතුමනි!” – කොලොන්නාවෙන් ජනපතිට සැර ප්‍රහාරයක්!

කාන්තාවන් මුහුණ දෙන දැවෙන ආර්ථික පීඩනය ගැන සර්වජන බලයේ ගංගානි උෂාන්ති වේදිකාව දෙවනත් කරමින් කියූ කතාව.

වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්ති හමුවේ රටේ බහුතරයක් වූ කාන්තාවන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත්, හිස් ප්‍රකාශවලින් ජනතාව රැවටීම වහාම නතර කළ යුතු බවත් සර්වජන බලය පක්ෂයේ කොලොන්නාව ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි ගංගානි උෂාන්ති මෙනවිය පැවසුවාය.

ඇය මේ බව අවධාරණය කළේ සර්වජන බලය සංවිධානය කර තිබූ කාන්තා බල මණ්ඩල රැස්වීමක් අමතමිනි. වත්මන් ජනාධිපතිවරයා වෙත සෘජුවම චෝදනා එල්ල කරමින් ඇය සිදුකළ මෙම ප්‍රකාශය මේ වනවිට දේශපාලන කරළිය තුළ දැඩි කතාබහකට ලක්ව තිබේ.

“බෙල්ලක් ඉතුරු වුණොත් තමයි තැල්ලක් බඳින්න වෙන්නේ!”

රටේ පවතින අධික ජීවන වියදම සහ බදු බර හේතුවෙන් සාමාන්‍ය පවුල්වල කාන්තාවන් පත්ව ඇති අසරණභාවය පෙන්වා දෙමින් ඇය මෙසේ අදහස් දැක්වීය.

දැන් මේ ආණ්ඩුව මාස පහමාරක කාලයක් ඇතුළත අට වතාවකට වැඩිය ඉන්ධන මිල ඉහළ දාලා තියෙනවා. මේ ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක භාණ්ඩ හා සේවාවන්වල මිලත් ඊට සමාන්තරව ඉහළ ගිහිල්ලා තියෙනවා. මම පෞද්ගලික බස් රථ හිමිකරුවන්ගේ සංගමය, ඒ වගේම ත්‍රීවීල් රථ සංගමය, මේ වගේ සංගම් නිවේදනය කරලා තියෙනවා ඔවුන්ගේ ගාස්තු ඉහළ දැමීමට. ඒ වගේම තමයි මූලික අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලත්, ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා.

මේ තත්ත්වය සාමාන්‍ය ජනතාවට දැඩිව බලපාන්න අරගෙන තියෙනවා. දැන් මේ කතාබහට ලක්වුණා ඊයේ පෙරේදා මේ විදුලිය කපා හැරීමක් පිළිබඳව. සෝලර්වලින් නිෂ්පාදනය කරන විදුලිය අතිරික්තයක් තියෙනවා කියලා, ඒ අතිරික්තය පියවා ගන්න සෝලර්වලින් නිෂ්පාදනය කරන විදුලිය වහන්න කියලා. දැන් මොකක්ද මේ කරන්න යන්නේ මේ ආණ්ඩුව?

සෝලර්වලින් නිෂ්පාදනය කරන ඒකකයකට සාමාන්‍යයෙන් වැයවෙන රුපියල් දහඅටක වගේ මුදලක්. ඒ වගේම ඩීසල්වලින් රුපියල් සීයෙකට ආසන්න මුදලක් වැයවෙනවා. ගල්අඟුරුවලින් රුපියල් හැටකට වගේ ආදායමක්… මුදලක් අයවෙනවා. එතකොට දැන් මේ මෙච්චර අඩු ප්‍රමාණයකින් සෝලර්වලින් විදුලිය නිෂ්පාදනය කරගන්න අපිට මෙච්චර හිරු එළිය වැටෙන රටකට අවස්ථාව තියෙනකොට, මේගොල්ලෝ මේ ස්වභාවිකව අපිට හිමිවෙලා තියෙන මේ දේ ප්‍රයෝජනයට ගන්නේ නැතුව, මේ සෝලර්වලින් නිෂ්පාදනය කරන විදුලිය තමයි මේගොල්ලෝ ඉස්සෙල්ලාම කපලා දාන්න හදන්නේ. ඇයි මේ? මේගොල්ලොන්ට ආණ්ඩුවට කොමිස් ගන්න බෑ මේ… හිරු එළියෙන් නිෂ්පාදනය කරන මේ විදුලියෙන්. මේගොල්ලොන්ට කොමිස් ගන්න පුළුවන් මේ… ගල්අඟුරුවලින් නිෂ්පාදනය කරන විදුලියෙන්, මේගොල්ලොන්ට කොමිස් ගන්න පුළුවන් ඩීසල් බලාගාර ආශ්‍රිතව නිෂ්පාදනය කරන විදුලියෙන්. මේ ගන්න පුළුවන්, කොමිස් ගන්න බැරි එක මේගොල්ලෝ කට්… කට් කරන්න උත්සාහ කරනවා.

මේක දැන් සෝලර් එකක් සාමාන්‍යයෙන් සාමාන්‍ය පවුලක මනුස්සයෙක් දාගන්නේ බැංකුවකින් ලෝන් එකක් අරගෙන ඒගොල්ලොන්ට විදුලි බිල ගෙවාගන්න තියෙන අපහසුතාවය හින්දා. දැන් මේක වෙලා තියෙන්නේ මොකක්ද? ඒගොල්ලෝ මාසපතා සෝලර් එකක් හයි කරගෙන ඒගොල්ලෝ බැංකුවට සෝලර් එකක් ගන්න ගත්ත ණයත් ගෙවන්න ඕනේ, ඒ මදිවට ඒගොල්ලෝ විදුලියට සාමාන්‍ය මනුස්සයෙක් ගෙවන විදිහට ඒ විදුලි බිලත් ගෙවන්න වෙලා තියෙන්නේ. මේ තත්ත්වය මම හිතන්නේ ආණ්ඩුව මැදිහත් වෙලා පාලනය කළ යුතු තත්ත්වයක්. මේගොල්ලෝ තවත් මේ විදිහට මේ… මේ යන්න, ඉස්සරහට යන්න ගියොත් මේ මනුස්සයෝ බොහොම අමාරුවක වැටෙනවා, මේ මනුස්සයන්ට ඒක කර… කරගන්න අමාරු තත්ත්වයකට වැටෙනවා.

ඒ වගේම තමයි දැන් මේ… වාහනයක් මිලදී ගන්නකොට, ඒ තිබුණ ණය පහසුකම 70% සිට 60% දක්වා පල්ලෙහාට දාලා තියෙනවා. මේකෙදි වෙන්නේ ඇත්තටම… ඒ වගේම තමයි වාහනයක වටිනාකම තීරණය කරනකොටත් ආණ්ඩුව ලීසිං කම්පැනීස්වලට බොහොම තද රාමුවකට කොටු කරලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ලක්ෂ අසූපහක වාහනයක් ගත්ත මනුස්සයෙක්, අලුතෙන් වාහනයක් ගන්න යන මනුස්සයෙකුට හීනයක්ම තමයි වාහනයක් ගන්න එක. හැබැයි වාහනයක් ගත්ත මනුස්සයෙක්, ස්පීඩ් ඩ්‍රාෆ්ට් ක්‍රමයට අපි වාහනයක් ගත්තා කියලා හිතන්න ලක්ෂ අසූපහකට ආසන්න වාහනයක්, දැන් මේක අවුරුද්දක් ඉවරවෙලා මේක රීෂෙඩියුල් කරන්න යනකොට මේගොල්ලෝ වාහනේ වටිනාකමත් අර 70% තිබුණ එක සීයෙට අඩු අසූව… හැට වෙනකොට, ඒ එන පරතරයත් එක්ක රීෂෙඩියුල් කරගන්න මේගොල්ලෝ… අතින් දාන්න වෙනවා මේ වාහන හිමිකරුට ලක්ෂ විසිදෙකකට ආසන්න මුදලක්. දැන් මේ වාහනය රීෂෙඩියුල් කරගන්න ලක්ෂ විසිදෙකක් දාන්න බැරි නම් මොකක්ද වෙන්නේ? ලීසිං කම්පැනියෙන් මෙයාව කෙලින්ම යන්නේ ක්‍රිබ් (CRIB) එකට. ක්‍රිබ් එකට ගිහිල්ලා නවතිනවාද? නෑ. ඊට පස්සේ මේකට සීය… මේ ලක්ෂ අසූපහට 6% ගානේ මේ කම්පැනිය පොලිය අහනවා. එතකොට මාසෙකට සාමාන්‍යයෙන් දළ වශයෙන් ලක්ෂ අසූපහක වාහනයක් ගත්ත මනුස්සයෙක්ට ලක්ෂ පහයි දහයක් විතර පොලියක් ගෙවන්න වෙනවා. මේකෙදි මොකක්ද වෙන්නේ? අර වාහනේ ගත්ත මනුස්සයාට ආපහු ඒ වාහනේ හිමිකාරිත්වය කියන එක හීනයක්ම විතරක් වෙනවා.

මම හිතන්නේ ආණ්ඩුව මේ… මේක සාමාන්‍ය ජනතාවගෙන් පත්වුණ ආණ්ඩුවක් කියලා මේගොල්ලෝ කියන්නේ, හැබැයි මේක සාමාන්‍ය ජනතාවට කිසිම සහනයක් සලසන ආණ්ඩුවක් නෙමෙයි. මේගොල්ලෝ මොනවාද කරේ? මේගොල්ලෝ බලයට ආවේ ආණ්ඩුවක් විදිහට තැටිවලින් සල්ලි එකතු කරලානේ, මහජනතාවගෙන් සල්ලි එකතු කරලා මේගොල්ලෝ බලයට ආවා. හැබැයි දිලිත් ජයවීර වැනි ව්‍යවසායකයෝ, ඒගොල්ලොන්ගේ තමන්ගේ සල්ලිවලින් මනුස්ස… තමන්ගේ ධනයෙන් ඒ වගේ ව්‍යාපාරයක යෙදිලා ඉඳලා ඒගොල්ලෝ රටට ආදරේ හින්දා දේශපාලනයට ආවා. දැන් ඉතින් මහජනතාවට තීරණය කරන්න කාලයක් තියෙනවා, සල්ලි එකතු කරලා මහජනතාවගෙන් ආණ්ඩුව පිහිටවලා බලයෙන් ආණ්ඩුව පිහිටවලා මහජනතාවගේ පැත්තෙද මේගොල්ලෝ හිටගෙන ඉන්නේ? එහෙම නැත්නම් මේගොල්ලෝ මේ… අනිත් බලවත් පාර්ශවයන් එක්කද හිටගෙන ඉන්නේ? කියන එක.

මම ඉල්ලා සිටිනවා මහජනතාවගෙන් දැන්වත් මේක තේරුම් ගන්න, මේ තත්ත්වය තේරුම් ගන්න. ආ? තේරුම් අරගෙන මහජනතාව රටට ආදරය කරන මනුස්සයෙක් එක්ක එකතු වෙලා මේ ගමන යන්න ඒකරාශී වෙන්න කියලා.

Share.
Leave A Reply