මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් ක්ෂේත්‍රයේ ප්‍රබලයකු වන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් ‘වෙලේ සුදා’ නමැත්තාට කොළඹ මහාධිකරණය මගින් නියම කර තිබූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒකමතිකව තහවුරු කර තිබේ.
ඒ, තමන්ට පනවා ඇති මරණ දඬුවම අවලංගු කර නිදහස් කරන ලෙස ඉල්ලා වෙලේ සුදා විසින් ගොනු කර තිබූ අවසන් අභියාචනා පෙත්සම ප්‍රතික්ෂේප කරමිනි.
මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
නීතිමය පදනමක් නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි.
පෙත්සම්කාර වෙලේ සුදා සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි දෙපාර්ශවයේම නීතිඥවරුන් ඉදිරිපත් කළ දීර්ඝ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරු මඩුල්ල තීන්දු කළේ, මෙම අභියාචනය ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා කිසිදු ප්‍රමාණවත් නීතිමය පදනමක් නොමැති බවයි. ඒ අනුව පෙත්සම නිශ්ප්‍රභ කළ විනිසුරු මඩුල්ල මහාධිකරණ තීන්දුව ඒ අයුරින්ම ස්ථිර කළේය.
වසර 18ක නඩු විභාගයේ ඉතිහාසය මෙන්න බලන්න.
2008: ගල්කිස්ස ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 7.05ක් ළඟ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වෙලේ සුදා පොලිස් අත්අඩංගුවට පත් විය.
2015 ඔක්තෝබර් 14: දීර්ඝ නඩු විභාගයකින් පසු කොළඹ මහාධිකරණය විසින් ඔහු වැරදිකරු කරමින් මරණ දඬුවම නියම කළේය.
මහාධිකරණ තීන්දුවට එරෙහිව ඔහු මුලින්ම අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ ද එය ද ප්‍රතික්ෂේප විය.
ඉන් අනතුරුව මහාධිකරණ සහ අභියාචනාධිකරණ තීන්දු ද්විත්වයම බලශුන්‍ය කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මෙම අවසන් ඉල්ලීම ද ප්‍රතික්ෂේප වීමත් සමඟ වෙලේ සුදාට පැනවුණු මරණ දඬුවම නීත්‍යානුකූලව සම්පූර්ණයෙන්ම ස්ථිර වී තිබේ.

