රේගුවෙන් ලොකු වැටලීමක්: ගුවන්තොටුපොළේදී සිගරට් ලක්ෂ 2ක් අල්ලයි

විදේශිකයන් 16ක් ඇතුළු 18කගේ ගමන් මලුවල සඟවා ආ සිගරට් තොගයක් කටුනායකදී කොටුවේ

කටුනායක ග්‍රීන් චැනල් එකෙන් හොරෙන් පන්නන්න හැදූ මිලියන 31ක සිගරට් රේගු භාරයට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රුපියල් මිලියන 31.38 ක් වටිනා නීතිවිරෝධී විදේශීය සිගරට් තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2026 මැයි 29 සහ 30 යන දිනවල පැමිණීමේ පර්යන්තයේ ග්‍රීන් චැනල් (Green Channel) ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි කිරීම්වලදී මෙම සිගරට් තොගය සොයාගෙන ඇත. එහිදී විදේශිකයන් 16 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඇතුළු මගීන් 18 දෙනෙකුගේ ගමන් මලු 27ක් පරීක්ෂා කර ඇති අතර , සඟවා තිබූ විදේශීය සිගරට් කාටූන් 1,046ක් (සිගරට් 209,200ක්) එහිදී සොයාගෙන තිබේ. 

ශ්‍රී ලංකා රේගුවේ කටුනායක ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලය සහ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර , අත්අඩංගුවට ගත් සිගරට් තොගය රාජසන්තක කිරීමට මේ වන විට නියෝග කර ඇත.

Share.
Leave A Reply