සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ පාරිසරික වැදගත්කම සහ ජෛව විවිධත්වය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින්, කලවාන ප්‍රධාන බස් නැවතුම්පොළ තොරතුරු මධ්‍යස්ථානයක් බවට පත් කෙරිණි.
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මූල්‍ය හා සැලසුම් දායකත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය සඳහා කලවාන ප්‍රාදේශීය සභාව, සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ඇතුළු දේශීය සංවිධාන රැසක සහයෝගය ලැබී ඇත.
සිංහරාජය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට මෙන්ම ප්‍රදේශවාසීන්ට වැසි වනාන්තර සංරක්ෂණය සහ පාරිසරික ගොවිතැන් සංකල්ප පිළිබඳ අවබෝධයක් ලබා දීම සඳහා පර්යේෂකයන්ගේ ඡායාරූප සහ සිතුවම් ඇතුළත් අලංකාර ප්‍රදර්ශන පුවරු රැසක් මෙහි ස්ථාපිත කර තිබේ. සිංහරාජය නැරඹීමට පැමිණෙන පාසල් දරුවන් ඇතුළු සැමට මෙම ප්‍රදර්ශනය නැරඹීමට විවෘතව පවතී.

