ලංකාවේ වෙසක් සහ පොසොන් කාලවලදී පවත්වන දන්සැල් කියන්නේ අපේ සංස්කෘතියේ තියෙන ලස්සනම අංගයකි. නමුත් රට පෙරට දන් සැල් සමඟ යන ගමනේ දී මෑත කාලීනව වැඩිපුරම කතාබහට ලක්වුණේ සාම්ප්‍රදායික බත්, රොටි, අයිස්ක්‍රීම් දන්සැල්වලට වඩා, මිනිස්සුන්ව පුදුමයට පත් කරපු “අමුතුම සහ වෙනස්ම විදියේ” දන්සැල් කිහිපයක් අපට දැකගත හැකි වූහ. අපි අද මේ කතා කරනක්නට යන්නේ මේවැනි අමුතු ජාතියේ දන්සැල් ගැනයි.

නවීන පන්නයේ සහ තාක්ෂණික දන්සැල් ගැන වැඩිපුර කතා කරනවා නම් පතෙන් පීසා එකට මාරු වුණු “ෆේස්බුක් වෙසක්”අපට අමතක කළ නොහැකිය. QR කෝඩ් එකෙන් ‘ඩේටා’ බෙදන නූතන පින්කෙත වු දැන් සැල් ද අද දැකිය හැකියි. බර්ගර් පෝලිමේ සෙල්ෆි ගසන ටික්ටොක් පරපුරේ දන්සල් කලාව ගැන රතු ඉර පත්තරේ අපි කරුණ සොයන විට ලස්සන දන්සැල්  රැසක් දැක ගත හැකි විය.

ස්මාර්ට් ෆෝන් අතැති තරුණ පරපුරේ “ඩිජිටල් දන්සැල් විප්ලවය” ද මේ අතර වේ. වෙසක් කලාපය හොල්ලපු “මොහීතෝ සහ බබල් ටී” දන්සල් රැල්ල ද රසවත් වු දන්සැල් කලාවකි. සාම්ප්‍රදායික ගැමි සුවඳ සහ නූතන දන්සැලේ සන්දර්ශනය දැන් මෙන් රසවත්ය පිං රැසක් ලැබේ.

දන්සැල පීසා කෑල්ලකට ලඝු කළ හැකිද? යන්න තවත් කතාවකි. “ලයික්ස්” වැස්සක් මැද දන්සල් දෙන නූතන කොළඹ පැංචෝ අප සිත සතුටු කළේ දන් සැලේ රසය මතු පරපුරට රැගෙන යන දරුවන් නිසාය. කලාව ක්‍රමය වෙනස් වුවත් චේතනාව එකමය. දන්සල් සංස්කෘතියේ පරිනාමය අද වෙනස් දිසාවකට ගොස් ඇති බවද දැකිය හැකිය.

බත් හැන්ද වෙනුවට පීසා කටර් එකක් අතට ගත් වෙසක් උත්සවය දක්වා ලංකා බුදුන් වැඩිය බිම වෙනස් වී තිබේ.

සිව්පාවුන්ගේ බඩගින්න නිවන “සත්ව කරුණාවේ” අපූරු දන්සැල ද දැකිය හැකි විය. ලයික්ස්-වීව්ස් අතරින් මතු වුණු මානුෂීයත්වයේ දන්සැල් පින්තාරුව ද අච්චාරුඇති දන් සැල් මෙන් රසවත්ය. බඩගින්න නිවන කෑම මැද රෝගීන්ට දිව්‍ය ඔසුවක් වූ වෛද්‍ය දන්සැල ද දැකිය හැකි විය.මිනිස් හිත් නිවන, සතුන් සනසන මනුෂ්‍යත්වයේ දන්සැල් පාරාදීසය ද රසවත්ය. මිහිරිය. රසවිතව තිබිණි.

මේ අනුව ‘බත් පතෙන් පීසා එකට මාරු වුණු ෆේස්බුක් වෙසක් දක්වා ගමන් කළ දන්සැල් කතාව QR කෝඩ් එකෙන් ඩේටා බෙදද්දී, බර්ගර් පෝලිමේ සෙල්ෆි ගැසූ නූතන දන්සල් කලාව’ සත්තකින්ම අපේ කාලයේ නවතම දන් දෙන අනේපිඩු සිටු පරපුරේ අපේ කාලයේ ඇත්තන්ගේ කතාවයි.

අද දැන් පරිසරය සුන්දරය.සිත සමාධිගත කරවන බවුන් වඩන්නට හැකි පරිසරයක් මේ දිනවල දැකිය හැකිය. වෙසක් හඳ පායනකොට ලංකාවේ අහස විතරක් නෙවෙයි, සහෝදරයා, මිනිස්සුන්ගේ හිත් පවා ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් ආලෝකමත් වෙන එක අතීතයේ ඉඳන් පැවතෙන සිරිතකි.

ඒ ආලෝකයේ ලස්සනම සිත්තම තමයි “දන්සැල”. රැහැයියන් හඬලන මැයි මාසයේ රෑ යාමයේ, මයික්‍රෆෝනයක් අතට ගත්තු තරුණයෙක් “නෑදෑයිනේ… බත් දන්සැලයි… වාඩිවෙන්න…” කියලා කෑගහනකොට දැනෙන ගැමි සුවඳ අපේ හිත්වල අදටත් තිබේ.

හැබැයි කාලය වෙනස් වෙලා. අද ඒ මයික්‍රෆෝනය වෙනුවට තරුණයන් අතේ තියෙන්නේ ස්මාර්ට් ෆෝන්. බත් හැන්ද වෙනුවට තියෙන්නේ පීසා කටර්. ලංකාවේ දන්සල් සංස්කෘතිය දැන් සාම්ප්‍රදායික සීමාවන් බිඳගෙන සෝෂල් මීඩියා සහ නූතන තාක්ෂණයත් එක්ක අමුතුම පන්නයක “ඩිජිටල් පාරාදීසයක්” බවට පත්ව තිබෙන දැකිය හැකිය.

අතීතයේ දන්සැලක් කිව්වම අපිට මතක් වුණේ බත්, ලූණු ඇඹුල් තියල්, පරිප්පු, එළවළු සුප්, නැත්නම් කොපි, පාන් සහ අයිස්ක්‍රීම්. හැබැයි මේ අවුරුද්දේ සෝෂල් මීඩියා කලඹවපු දන්සැල් දිහා බැලුවම පෙනෙන්නේ නාගරික තරුණ පරපුර දන්සල් කලාව සම්පූර්ණයෙන්ම (ක්ෂණික ආහාර) රැල්ලකට පරිවර්තනය කරලා තියෙන වග දැකිය හැකි විය.

කොළඹ සහ රටපුරා ප්‍රධාන නගරවල තදාසන්න නගරවල තරුණයන් එකතු වෙලා උණු උණුවෙන්ම බර්ගර් (Burgers) සහ පීසා (Pizza) හදලා බෙදපු දන්සැල්වල පෝලිම් හැතැප්ම ගණන් දිග දික් වූ පොලිම් දැකිය හැකි විය.

දහවලේ පවතින දැඩි උණුසුමට මේ දිනවල නම් වහිනවා නේ සහනයක් වෙන්න පාරේ යන ජනතාවට බබල් ටී (Bubble Tea) සහ විවිධ රසැති මොහීතෝ (Mojito) බීම වර්ග වීදුරු ලක්ෂ ගණනින් නොමිලේ දනට දෙන සැටි දැකිය හැකි විය.

කොයි හැටි වෙතත් මේ රැල්ලේ දකින්න ලැබුණු අමුතුම සහ තාක්ෂණිකම අංගය තමයි “ඩේටා දන්සැල”. කෑම බීමවලින් සිරුර පිනවනවාට වඩා නූතන මිනිසාට අත්‍යවශ්‍යම දේ “ඩේටා (Data)” බව හඳුනාගත්තු තරුණ තාක්ෂණවේදීන් කාඩ්බෝඩ් පුවරුවක QR Code එකක් ප්‍රදර්ශනය කරලා තිබුණා. ඒක Scan කරන පාරේ යන අයට නොමිලේ Reload සහ Data Packages සක්‍රිය කර දීමට ඔවුන් කටයුතු කළා. ශරීරයට වගේම තමන්ගේ ඩිජිටල් ජීවිතයටත් දන්සැලක් ලැබීම ගැන නූතන පරපුරේ තිබුණේ පුදුමාකාර උද්‍යෝගයකි. මෙය වටනේය. අපේ ආදරය මේවුන්දැලාට ද හිමිවේ.

අපේ අවදානයට  ලක්වුණු තවත් පැත්තක් තමයි මානුෂීය සහ සත්ව කරුණාව පෙරදැරි කරගත් දන්සැල්. රටේ පවතින ආර්ථික දුෂ්කරතා මැද අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට නොහැකි අයට වෛද්‍යවරුන් පිරිසක් එකතු වී නොමිලේ සායන පවත්වා බෙහෙත් ලබාදීම එක් ආදර්ශමත් සිදුවීමක් දැකිය හැකි විය.

සත්තකින් ම මිනිසුන් විවිධ රසමසවුළු කන අතරේ, පාරේ අසරණ වෙලා ඉන්න බල්ලන්, පූසන් වැනි සිව්පාවුන් වෙනුවෙන් විශේෂයෙන් සකස් කළ ආහාර සහ ජලය ලබාදුන් “සත්ව දන්සැල්” ද දකින්න ලැබුණා. එය බුදුදහමේ කියවෙන “සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා” (සියලු සත්වයෝ සුවපත් වෙත්වා) යන සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමකි.

ඕනෑම කාසියක දෙපැත්තක් තියෙන්නා සේම  අපි කතා කරන අමුතු දන්සැල් වන්දනාවේ සංවාද දෙකක් ගොඩනැගි තිබේ.

ඇතැම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ සංස්කෘතික විචාරකයන් පවසන්නේ මේවා දන්සැල් නොව “ප්‍රදර්ශන කාමී සන්දර්ශන” බවයි. දන්සැලක් දීමේදී තිබිය යුතු නිහතමානී බව, ආගමික ශික්ෂණය වෙනුවට අද තියෙන්නේ ‘ලයික්ස්’ (Likes) සහ ‘වීව්ස්’ (Views) හිඟාකන, සෙල්ෆි ගසන රැල්ලක් බව ඔවුන් පෙන්වා දේ .

ගැමි බත් දන්සැලක තිබුණු “පින්සිදුුවේවා මහත්මයා” යන ආශිර්වාදයේ ගැඹුර බර්ගර් එකක් අරන් ටික්ටොක් කරන තැනින් ගිලිහී ගොස් ඇති බව ඔවුන්ගේ මතයයි.

තරුණ පරපුර සහ සමාජ විද්‍යාඥයන් මේ දෙස බලන්නේ ප්‍රගතිශීලී කෝණයකිනි. කලාව සහ සංස්කෘතිය කියන්නේ ස්ථිතික දෙයක් නෙවෙයි. එය කාලයත් එක්ක ගලාගෙන යන ගඟක් වගේ වෙනස් විය යුතුයි. සාම්ප්‍රදායික රාමුවෙන් මිදී නූතන පාරිභෝගික සමාජයේ රුචිකත්වය හඳුනාගෙන, තමන් සතු ධනය සහ ශ්‍රමය අනුන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට තරුණයන් ඉදිරිපත් වීමම විශාල ජයග්‍රහණයකි.

මේ අනුව,අවසාන වශයෙන් පැවසීය හැක්කේ දන්සැලක වටිනාකම තීරණය වෙන්නේ එහි බෙදන කෑම වර්ගය හෝ දෙන ක්‍රමය මත නෙවෙයි. එහි ඇති “චේතනාව” (පරිත්‍යාගශීලී බව) මතයි.

බත් පත දුන්නත්, පීසා කෑල්ල දුන්නත්, QR කෝඩ් එකෙන් ඩේටා දුන්නත් ඒ හැම දේකින්ම සිද්ධ වෙන්නේ තමන් සතු දෙයක් තව කෙනෙක් වෙනුවෙන් දීමයි.

ඩිජිටල් තාක්ෂණයෙන් සහ බටහිර කෑමවලින් හැඩවුණු “නූතන දන්සැල්” හරහා පෙනෙන්නේ ලාංකීය අනන්‍යතාවය සහ දීමේ ගුණය තවමත් අපේ තරුණ පරපුරේ ලේවල ජීවමානව පවතින බවයි.

මුහුණුපොතේ ලයික්ස් වැස්සක් මැද වුණත් නැති බැරි කෙනෙකුගේ බඩගින්න හෝ අවශ්‍යතාවය නිවන්නට ලාංකීය තරුණයා ඉදිරිපත් වන තාක් කල්, අපේ රටේ දන්සල් සංස්කෘතිය කිසිදා මිය යන්නේ නැත. මෙය සදාතනික සත්‍යයි.

ඉතිං දැන් දන්සැල් වදින්නට අපිත් සමඟ රට පුරා යන්න සැමදෙනාටම ආදරයෙන් අපි ආරාධනා කරන ගමන් සුවඳ හමන රසම රස දන්සැල් පෝලිමකට ගොඩ වෙමින් අප දන්සැල් කතාව හමාර කරන්නට තීරණය කළහ.

Share.
Leave A Reply