රුපියල් මිලියන 13,400 ක දැවැන්ත මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය සොයා බැලීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා අද පෙරවරුවේ එහි විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
අද පෙරවරු 8:30 ට වරාය පරිශ්‍රයට පැමිණි ඒ මහතා, එහිදී ග්‍රාමීය ධීවර සංවිධාන නියෝජිතයන් හමුවී ඔවුන්ගේ වෘත්තීය ගැටලු පිළිබඳව සාකච්ඡා කළ අතර, එම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසයි නිලධාරීන්ට උපදෙස් දුන්නේ.
අනතුරුව පෙරවරු 9:30 ට දෙවුන්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී විශේෂ රැස්වීමක් පැවැත්වුණා. එහිදී ගන්දර ධීවර වරායට අතිරේක දියකඩනයක් ඉදිකිරීම වෙනුවෙන් LHI ආයතනය සකස් කර තිබූ නව සැලසුම ධීවර ප්‍රජාව වෙත ඉදිරිපත් කෙරුණු අතර, ඊට සියලු පාර්ශවයන්ගේ එකඟතාව හිමිවූ බවයි වාර්තා වන්නේ.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු ලංකා රාමනායක, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රභාත් රණවීර ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

