ලංකා ඉතිහාසයේ පළමු වතාවට මත්ද්‍රව්‍ය සහ අපරාධ පිටුපස තිබූ රාජ්‍ය අනුග්‍රහය අවසන් – ජනාධිපති අනුර කුමාර කියයි.
“නීතියෙන් විතරක් මත්ද්‍රව්‍ය තුරන් කරන්න බැහැ, සමාජයට නව හර පද්ධතියක් අවශ්‍යයි” – ජනපති අනුර කියයි.
“මින් ඉදිරියට කුඩු ජාවාරම්කරුවන්ට රාජ්‍ය අනුග්‍රහය නෑ!” – ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්!
තාක්ෂණයෙන් විවෘත වුණු මත්ද්‍රව්‍ය දොරටුව වහන්න ජනපති ආගමික නායකයන්ගෙන් උදව් ඉල්ලයි!
“සැමට සහකම්පනයෙන් ගරු කරන සමාජයක් හදමු” – 2026 වෛශාඛ්‍ය මංගල්‍යයේදී ජනපති කියූ කතාව.
කුඩු පිටුපස සිටි දේශපාලන බලවතුන්ට වැදුණු මරු පහර! ජනපති රටටම හෙළි කරයි!
මාස 07ක මෙහෙයුමෙන් පසු ජනපති අනුර කුමාර රටට දුන් සහතිකය!
“කුඩු ජාවාරමේ දේශපාලන හස්තය මුළුමනින්ම කැපුවා; මත් උවදුර නැති කරන්න නීතිය විතරක් මදි!” – ජනපති අනුර කුමාර
මත්කුඩු පිටුපස තිබූ දේශපාලන බලය මුළුමනින්ම බිඳ දැමුවා – නීතියෙන් විතරක් බැහැ, තරුණ පරපුර මුදවා ගන්න අධ්‍යාත්මික ප්‍රබෝධයක් අවශ්‍යයි: ජනපති අනුර කුමාර කියයි.
“තරුණ පරපුරේ අධ්‍යාත්මික සංවර්ධනය ආගමික ප්‍රබෝධය මගින් අත්පත් කර ගත යුතුයි. එහිදී මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ට ප්‍රමුඛ කාර්යභාරයක් පැවරෙනවා.” – ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
ලංකා ඉතිහාසයේ පළමු වතාවට මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ පිටුපස තිබූ දේශපාලන හා රාජ්‍ය බලය මුළුමනින්ම බිඳ දමා ඇති බවත්, මින් ඉදිරියට එවැනි කිසිවෙකුට රාජ්‍ය අනුග්‍රහය නොලැබෙන බවට සහතික වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ නිකවැරටිය ගනේවැව පුරාණ විහාරස්ථානයේ පැවැති 2026 වෛශාඛ්‍ය මංගල්‍යයට සහ විහාරාංග කිහිපයක් විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවයට (29) පෙරවරුවේ එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය:
“මත්ද්‍රව්‍ය හා බැඳුණු විනාශකාරී දොරටුව වසා දැමීම සඳහා රජයක් ලෙස අප නීතිය, අණපනත් සහ රාජ්‍ය බලය උපරිමයෙන් ක්‍රියාත්මක කරනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 31 වැනිදා සිට ගතවූ මාස 07 තුළ පමණක් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ මගින් විශාල වශයෙන් මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගෙන තිබෙනවා. නමුත් මේ විනාශකාරී දොරටුව මුළුමනින්ම වසා දැමිය හැක්කේ නීතියෙන් සහ රාජ්‍ය බලයෙන් පමණක්ම නොවෙයි. ඒ සඳහා තරුණ පරපුර තුළ අධ්‍යාත්මික ප්‍රබෝධයක් සහ පරිවර්තනයක් ඇති කිරීම අත්‍යවශ්‍යයි. එහිදී මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ට ප්‍රමුඛ කාර්යභාරයක් පැවරෙනවා.”
විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුවත් සමඟ වත්මන් තරුණ පරපුරට ජංගම දුරකථනය හරහා විශ්ව ගම්මානයටම ප්‍රවිෂ්ට වීමට විශාල අවස්ථා නිර්මාණය වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ හා සමානවම මත්ද්‍රව්‍ය, අපචාර සහ සන්නද්ධ කණ්ඩායම් සමඟ සම්බන්ධ වීමේ දොරටුද තාක්ෂණය ඔස්සේ විවෘත වී ඇති බව ප්‍රකාශ කළේය.
වත්මන් සමාජය තුළ පවතින්නේ සැබෑ වටිනාකම් නොවන බවත්, රටට නව හර පද්ධතියක් හඳුන්වා දිය යුතු බවත් පැවසූ ඒ මහතා, වැඩිහිටියන්ට ගරු කිරීම වැනි ගුණධර්ම මෙන්ම කුමන සංස්කෘතියකට, ජාතියකට හෝ ආගමකට අයත් වුවද සැමට සහකම්පනයෙන් යුතුව ගරු කරන සමාජයක් බිහි කිරීමේ වැදගත්කම පැහැදිලි කළේය.
තරුණ පරපුර අධ්‍යාත්මිකව අවදි කිරීම වෙනුවෙන් පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ ඉටු කරන ශාසනික සහ සමාජයීය මෙහෙවර මෙහිදී ජනාධිපතිවරයාගේ ඉහළ ඇගයීමට ලක් විය. උන්වහන්සේගේ ධර්ම දේශනා ඇසුරින් සකස් කළ “දිවි මං සදහම්” කෘතිය සහ විහාරස්ථානයේ පරිගණක යෙදුම (App) එළිදැක්වීමද මෙහිදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක හිමිපාණන් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද, බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය යන මහත්වරුන් සහ ආදි වාසී නායක වන්නිලැ ඇත්තන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

