රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය (GSRT) විසින් නිකුත් කරන විශේෂ මාධ්‍ය ප්‍රකාශනයයි.

ලංකාවේ සමස්ත රෝහල් පද්ධතියේම සේවය කරන වෛද්‍යවරුන්, විකිරණ තාක්ෂණවේදීන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ ජීවිත සෘජු විකිරණ අවදානමකට ලක් කරමින්, රුපියල් කෝටි 4 කට අධික (මිලියන 40+) මහජන මුදල් වැයකර යල් පැනගිය තාක්ෂණයෙන් යුතු විකිරණ ආරක්ෂක උපකරණ 1,680 ක් මිලදී ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPMC) කටයුතු කරමින් සිටින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය රටට අනාවරණය කර සිටියි.

රෝහල්වල පවතින හෘද කැතීටරකරණ ඒකක (Cath Lab) සහ ශල්‍යාගාර වැනි අධි-විකිරණ කලාප තුළ දිනපතා ජීවිත පරදුවට තබා සේවය කරන සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් මෙම උපකරණ භාවිතා කරනු ලබයි. එවැනි තීරණාත්මක උපකරණ තොගයක් මිලදී ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් 2026 මාර්තු මාසයේදී ටෙන්ඩර් කැඳවා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය විසින් පිළියෙල කරන ලද අතිශය යල් පැනගිය පිරිවිතර ලැයිස්තුවකට (Specifications) අනුව බව තහවුරු වී ඇත.

භාවිතා නොකරන පැරණි තාක්ෂණය මිලදී ගැනීමේ බරපතලකමලෝකයේ වර්තමාන වෛද්‍ය විද්‍යාව තුළ බරින් අඩු, උපරිම කල්පැවැත්මක් සහිත සහ ඉහළම ආරක්ෂාවක් සපයන නවීන තාක්ෂණික උපකරණ භාවිතා වෙද්දී, ලංකාවේ වෛද්‍ය සැපයුම් අංශය විසින් තවමත් දශක ගණනාවක් පැරණි තාක්ෂණික පිරිවිතරයන්ම භාවිතා කිරීම කණගාටුවට කරුණකි.

නවීන උපකරණ මගින් කාර්යමණ්ඩලයට දවස පුරා වෙහෙසකින් තොරව පරීක්ෂණ සිදුකිරීමට පහසුව සැලසෙන අතරම, ඒවා දිගුකාලීනව පාවිච්චි කළ හැකි බැවින් රජයේ මුදල් විශාල වශයෙන් ඉතිරි කරගත හැක.මිලදී ගැනීමට නියමිත යල් පැනගිය උපකරණවල නිල දත්ත ලේඛනයවත්මන් ටෙන්ඩරය යටතේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මිලදී ගැනීමට අපේක්ෂිත, පිරිවිතර යාවත්කාලීන නොකළ උපකරණ තොගයේ නිල සංඛ්‍යා ලේඛන මෙසේය:

අනු අංකයආරක්ෂක උපකරණයේ වර්ගය මිල දී ගැනීමට නියමිත ප්‍රමාණයපවතින තත්ත්වය 01විකිරණ ආරක්ෂිත කබා (Radiation Lead Aprons)670 යියල් පැනගිය / අධික බරින් යුතු02විකිරණ ආරක්ෂිත හිස ආවරණ (Lead Head Shields)250 යියල් පැනගිය තාක්ෂණය03ආරක්ෂිත කණ්ණාඩි (Lead Glasses)260 යිපැරණි පිරිවිතරයන්ට අනුව04තයිරොයිඩ් ආරක්ෂක (Thyroid Shields)500 යිපැරණි පිරිවිතරයන්ට අනුවඑකතුවසමස්ත උපකරණ ප්‍රමාණය1,680 යිමුළු වටිනාකම රු. කෝටි 4 සීමාව ඉක්මවයි.

වෘත්තීය සංගමයේ දැඩි අනතුරු ඇඟවීමමෙම පිරිවිතරයන් වෙනස් කර නවීන තාක්ෂණයට අනුකූලව සකස් කරන ලෙස අප සංගමය විසින් දීර්ඝ කාලයක් තිස්සේ වෛද්‍ය සැපයුම් අංශය ලිඛිතව හා වාචිකව දැනුවත් කර ඇත.

එසේ තිබියදීත්, එම නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් දැනටමත් මෙම පැරණි උපකරණ මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලියේ ඉදිරි කටයුතු ජයටම සිදුවෙමින් පවතින බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරමු.සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් කඩිනම් මැදිහත්වීමක් ඉල්ලා සිටීමමෙම අදූරදර්ශී මිලදී ගැනීම් ක්‍රියාවලිය වහාම අත්හිටුවා, රජයේ මුදල් විනාශ වීම වැළැක්වීමට සහ කාර්යමණ්ඩලයේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුතු උපකරණ ලබා ගැනීමට වහාම මැදිහත් වන ලෙස රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කළේ ය.

Share.
Leave A Reply