“ආණ්ඩුව නමට විතරයි; තීරණ ගන්නේ ටිල්වින්! මැතිවරණ තිබ්බොත් ආණ්ඩුව වැලේ වැල් නැතිව පරදිනවා” – මන්ත්‍රී හර්ෂන රාජකරුණා

“ආණ්ඩුව ෆේල්! ණය ගන්න දිව ඇදගෙන ඉන්නවා; බාල ගල්අඟුරු වංචාවෙන් විදුලි බිලත් උඩට!” – හර්ෂනගෙන් රටම හොල්ලන හෙළිදරව්වක්!

“ටිං ටිං සිල්වාට බයේ මැතිවරණ වළලයි! ආණ්ඩුව වැලේ වැල් නැතිව පැරදෙන ලකුණු!”

“ආණ්ඩුව නමට විතරයි; රට පාලනය කරන්නේ මැතිවරණ කොමිසම වහන්න හදන ටිල්වින්!” – හර්ෂන රාජකරුණාගෙන් රටම කැළඹූ ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!

ණය ගන්න දිව ඇදගෙන ඉන්න, කයිවාරු විතරක් තියෙන මේ ආණ්ඩුවේ නොහැකියාවට එරෙහිව අපි ජාත්‍යන්තරය පවා දැනුවත් කරමින් පෙරමුණ ගන්නවා!” යැයි මන්ත්‍රී හර්ෂන රාජකරුණා කියයි.

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුවේ සැබෑ පාලකයා ජනාධිපතිවරයා හෝ කැබිනට් මණ්ඩලය නොව, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුණා මහතා සෘජු චෝදනාවක් කරමින් පවසයි.

අද මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා කියා සිටියේ ජනතාවට මුහුණ දීමට ඇති බිය නිසා පළාත් සභා මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව තීරණය කර ඇති බවයි. “මැතිවරණ කොමිසම වහලා දැම්මත් කමක් නැහැ, දැන් තීරණ ගන්නේ ටිං ටිං සිල්වා. ආණ්ඩුව නමට විතරයි, මැතිවරණයක් තිබ්බොත් ආණ්ඩුව වැලේ වැල් නැතිව පරදිනවා” යැයි මන්ත්‍රීවරයා දැඩි ස්වරයෙන් ප්‍රකාශ කළේය.

එමෙන්ම රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවත්, බාල ගල්අඟුරු වංචා හේතුවෙන් යළිත් දැවැන්ත බලශක්ති අර්බුදයක් සහ විදුලි බිල ඉහළ යාමක් සිදුවෙමින් පවතින බවත් හෙළි කළ රාජකරුණා මහතා, වත්මන් පාලනය සියයට සියයක්ම ‘ෆේල්’ (Fail) වී ඇතැයිද අවධාරණය කළේය.

Share.
Leave A Reply