බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ බරපතළ චෝදනා ලත් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් ආරක්ෂා කිරීමට පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා (ඥාති සබඳතා මත) කටයුතු කරන බවට “දිනන දකුණ” සාමූහිකය බරපතළ චෝදනා එල්ල කරයි.
රාජ්‍යයේ කිසිදු නීතිමය සහයක් නැතිව, නීතිඥ බලඇණියක් හමුවේ අසරණ වූ වින්දිත දැරිය වෙනුවෙන් අධිකරණයේදී කඳුළින් යුතුව පෙනී සිටි ජාතික ළමාරක්ෂක අධිකාරියේ (NCPA) නිලධාරීන්ගේ නිර්භීතකම ඔවුහු අගය කරති. පරීක්ෂණ යටගැසූ ඉහළ නිලධාරීන්ට සහ ගම්පහ/නිට්ටඹුව පොලිස් කාන්තා කාර්යාංශයන්ට එරෙහිව වහාම පරීක්ෂණ පවත්වන ලෙසත්, දැරියට සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ උපරිම රැකවරණය දෙන ලෙසත් රජයෙන් ඉල්ලා සිටී.

