විෂ අධික පළිබෝධ නාශක ක්‍රමයෙන් තහනම් කිරීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ සියදිවි නසාගැනීම් 70%කින් සාර්ථකව අවම කරගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ජාත්‍යන්තරය හමුවේ ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවට සමගාමීව පැවැත්වුණු විශේෂ සැසියකදීය. රටවල් 194ක නියෝජිතයන් පිරිසක් මෙම සමුළුවට එක්ව සිටිති.
1995 වසරේදී ශ්‍රී ලංකාවේ පුද්ගලයන් ලක්ෂයකට 47ක් ලෙස සටහන් වූ සියදිවි නසාගැනීම් අනුපාතය, 2022 වන විට 14 දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ.
70%ක සාර්ථකත්වයක්: 1990 වසරේ සිට ක්‍රියාත්මක කළ විෂ සහිත පළිබෝධ නාශක තහනම මෙම දැවැන්ත අඩුවීමට ප්‍රධාන හේතුව වී ඇත.
2027 ලෝක සම්මේලනය ලංකාවට: ශ්‍රී ලංකාව ලබා ඇති මෙම ගෝලීය ප්‍රමුඛත්වය හේතුවෙන්, 2027 වසරේදී ජාත්‍යන්තර සියදිවි නසාගැනීම් වැළැක්වීමේ සංගමයේ (IASP) 34 වන ලෝක සම්මේලනය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.
මෙය අඩු වියදමකින් සහ කෙටි කාලයකින් ප්‍රතිඵල ලබාගත හැකි සාක්ෂි සහිත මැදිහත්වීමක් බැවින්, ලෝකයේ සියලුම රටවල් තමන්ගේ ජාතික සියදිවි නසාගැනීම් වැළැක්වීමේ උපාය මාර්ගයන්ට “පළිබෝධ නාශක සීමා කිරීම” අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතු යැයි අමාත්‍යවරයා මෙහිදී යෝජනා කළේය.

