සාවද්‍ය ප්‍රකාශ නිසා ජාත්‍යන්තර වෙළෙඳපොළ අහිමිවීමේ අවදානමක්!
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි නිල දත්ත සහිතව කරුණු හෙළි කරයි.
විවිධ පාර්ශ්වයන් විසින් සමාජගත කිරීමට උත්සාහ කරන පරිදි විදේශීය පළිබෝධකයින් සහිත කැපූ මල් තොගයක් මෙරටට මුදාහැර නොමැති බවත්, රෝගී තත්ත්වයන් හඳුනාගත් මල් පෙට්ටි සියල්ල ගුවන් තොටුපළේදීම විනාශ කර ඇති බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා නිල දත්ත ප්‍රකාශයට පත් කරමින් තහවුරු කරයි.
ජාතික ශාක නිරෝධායන සේවය මගින් NPQS/FLO/2026/008 යටතේ නිසි මල් ආනයන බලපත්‍රය නිකුත් කිරීම.2026 ජනවාරි 12: ඉන්දියානු ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයකින් Air Bill අංක 312 – 96356061 යටතේ කාඩ්බෝඩ් පෙට්ටි 18ක මල් තොගය මෙරටට ගෙනවිත් තිබු බවද හෙතෙම කීය.
පෙට්ටි 15ක ක්‍රිසැන්තිමම් මල් කිනිති 3,800ක් තිබූ අතර, ඉතිරි පෙට්ටි 3 තුළ වෙනත් කැපූ මල් වර්ග අඩංගු විය.පරීක්ෂණ සහ රසායනාගාර සොයාගැනීම්ගු වන් තොටුපළේදී සිදුකළ භෞතික පරීක්ෂාවෙන් පසු ආරක්ෂිත පියවරක් ලෙස සාම්පල රසායනාගාර පරීක්ෂාවට ලක් කර ඇත.
පරීක්ෂා කළ මුළු පෙට්ටි ගණනනිදහස් කළ පෙට්ටි ප්‍රමාණයරසායනාගාරයට යොමුකළ පෙට්ටිහඳුනාගත් රෝගී තත්ත්වයන් පෙට්ටි 18පෙට්ටි 12(කිසිදු පළිබෝධකයෙකු නොසිටි බැවින් වහාම නිදහස් කෙරිණි.
ගුවන් තොටුපළේදීම දවා අළු කෙරේමෙම සුදු මැස්සා සහ සුදු මලකඩ රෝගය ශ්‍රී ලංකාවට අදාළව නිරෝධායන පළිබෝධකයින් ලෙස වර්ගීකරණය කර නොමැති වුවද දේශීය කෘෂිකර්මාන්තයට සහ පරිසර පද්ධතියට සිදුවිය හැකි අවදානම සැලකිල්ලට ගෙන එම පෙට්ටි 6ම විනාශ කිරීමට වහාම තීරණය කර ඇති බවද ඔහු කීය.
ඒ අනුව, 2026 ජනවාරි 30 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිහිටි විශේෂ දහන යන්ත්‍රය (Incinerator) ආධාරයෙන් අදාළ මල් පෙට්ටි 6 සම්පූර්ණයෙන්ම පුළුස්සා විනාශ කර තිබේ.
විද්‍යාත්මක පදනමකින් තොරව සිදුකරන මෙවැනි සාවද්‍ය ප්‍රකාශ හේතුවෙන් ජාත්‍යන්තරය හමුවේ අප රටේ ශාක සනීපාරක්ෂක ශ්‍රේණිගත කිරීම් (Phytosanitary status) පහත වැටිය හැකියි.
එය අවසානයේ රටේ සමස්ත අපනයන වෙළෙඳපොළටම එල්ල කරන මාරාන්තික පහරක් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා ප්‍රකාශ කළේ ය.

