මේ නිසා යුරෝපා සංගමයේ ද උදහසට ලංකාව ලක්වන්නට නියමිත වු බරපත තත්ත්වයක් පවතින බව ද හෙතෙම කීය.
ලංකාවේ කටු පොල් වගාව ආරම්භ කර වසර 60 ගත වන බවත් මෙම කටු පොල් වගාව නතර කිරිම හා මහජන විරෝධය ට දැනට වසර 18 ක කාලයක සිට පවතින බවත් හෙතෙම කීය.
මේවන විට ආක්රමිනික ශාඛයක් ලෙස ලංකාවේ ග්‍රාමසේවා වසම් තුළ කටු පොල් ශාඛ 19 000ක් හදුනාගෙන ඇති බව ද ඔහු කීය.
රබර් ඉඩම්වල හා පොල් ඉඩවල කටු පොල් වගාවට යොදවීමේ ක්රමන්ත්රණයක්ද පවතින පවද ඔහු කීය.
මේ අනුව රබර වලාව විනාශයට පත් කරන්නට ද මෙම ක්රමම වේදය නිසා සිදු වන බවද හෙතෙම කීය.
1980 දී රබර් වගාව ලකාවේ හෙට්ටයාර් 1 72 000ක් වගා කර තිබු අදවන විට රබුර් වගා කර ඇති හෙට්ටයාර් ප්‍රමානය 84 000 දක්වා අඩු වී ඇත. පසුගිය වසරේ රබර් වගාව සදහා අලුතින් යොදාව ඇති බිම් ප්‍රමානය හෙට්ටයාර් 100ක්ට වඩා අඩු බව ද ඔහු කීය.
1980 දි රබර් අස්වැන්න මෙ.ටොන් 1 33 000 ක් වු අතර, අද වන විට මෙහි අස්වැන්න මෙ.ටොන් 69 000 ක් දක්වා අඩු වී ඇති බවත් මේ නිසා රබර් නිපැයුම් සඳහා අවශ්‍ය රබුර් ආනයනය කිරිම ට මේවන විට ඩොල්ර් මිලියන 124ක් වැය වන බවත් ඔහු ප්‍රකාශ කළේ ය.
මේ ආකාරයට මුදල් ප්‍රමානයක් වැය කර දේශිය රබුර තොගද වැය කර නිපැයුම් සකස් කර විදෙස්වලට අපනයනය කිරිම නිසා මේවන විට ලංකාව ඩොලර් බිලියන 2.5ක ආදායමක් ලබා ගන්නා වු රංතරන් රබර් ආර්ථියක් මේ ආණ්ඩුව විනාශ කරන්නට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළේ ය.
2025 දි පාම් ඔයිප් මෙ.ටොන් 38 000ක් ගෙන්වා ඇති අතර පොල් තෙල් මෙ.ටොන් 33 000ක් ද ආනයනය කර ඇති බවද ඔහු කීය.
කටු පොල් සදහා රජය යම් සාධනිය ගමනකට ගමන් කර නමුත්, කටු පොල් වෙනුවට තේ, පොල්, රබ්ර් කුරුදු ආශ්‍රිතව ප්‍රවර්ධන වැඩසටහන් සිදු නොකිරීම සම්බන්ධයෙන්ද බරපතල සැකයක් පවතින බවද හේමන්ත විතානගේ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ කටුපොල් වගාව පිළිබඳව ලබාගත හැකි නවතම සහ නිල දත්ත අනුව, සමස්ත දිවයින පුරා වගා කර ඇති මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර 12,000 කට ආසන්න (ආසන්න වශයෙන් අක්කර 29,000–30000 ක් පමණ) වේ.
පරිසර හා සමාජයීය බලපෑම් හේතුවෙන් වසර කිහිපයකට පෙර ලංකාව තුළ අලුතින් කටුපොල් වගා කිරීම තහනම් කෙරුණු අතර, දැනට පවතින්නේ මීට පෙර ප්‍රධාන වැවිලි සමාගම් විසින් වගා කරන ලද බිම් ප්‍රමාණයන් පමණි.දිස්ත්‍රික්ක මට්ටමින් නිවැරදිම හෙක්ටයාර ප්‍රමාණයන් කාලයෙන් කාලයට සුළු වශයෙන් වෙනස් විය හැකි වුවත්, ප්‍රධාන වශයෙන්ම මෙම වගාවන් ව්‍යාප්ත වී ඇති දිස්ත්‍රික්ක සහ වගා බිම් ප්‍රමාණයන් පහත පරිදි වේ.
කලාප ගාල්ල හෙක්ටයාර 5,500 – 6,000 පමණ ලංකාවේ වැඩිම කටුපොල් වගා බිම් ප්‍රමාණයක් පවතින්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ය. (විශේෂයෙන්ම ඇල්පිටිය, නෙලුව, තවලම වැනි ප්‍රදේශ) කෑගල්ල හෙක්ටයාර 2,500 – 3,000 පමණ දෙවැනියට වැඩිම වගා බිම් ප්‍රමාණය වාර්තා වේ.
පැරණි රබර් වගාවන් ඉවත් කර මෙම වගාවන් ස්ථාපිත කර ඇත.කළුතර හෙක්ටයාර 1,500 – 2,000 පමණ මතුගම, අගලවත්ත සහ බුලත්සිංහල වැනි තෙත් කලාපීය ප්‍රදේශ ආශ්‍රිතව ව්‍යාප්තව පවතී. රත්නපුර හෙක්ටයාර 1,000 – 1,200 පමණආයගම, කලවාන වැනි තෙත් කලාපීය සීමාවන් තුළ වගාවන් දැකිය හැකියි.
මාතර හෙක්ටයාර 500 ට අඩු සුළු වශයෙන් වතු සමාගම් කිහිපයක් යටතේ වගා කර ඇත.
2021 වසරේදී රජය විසින් මෙරට කටුපොල් වගාව සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට සහ පවතින වගාවන් වසර 10 ක් ඇතුළත ක්‍රමයෙන් ඉවත් කර ඒ වෙනුවට රබර් හෝ වෙනත් පරිසර හිතකාමී වගාවන් ආදේශ කිරීමට තීරණය කරන ලදී. එබැවින් දැනට නව වගා බිම් බිහිවීමක් සිදු නොවන අතර පවතින බිම් ප්‍රමාණයද ක්‍රමයෙන් අඩු වෙමින් පවතී.

