ලංකාවේ සාගර උරුමය රැකගන්න අමාත්‍යාංශ 5කින් ඒකාබද්ධ බලකායක්!
උතුරු මුහුද රැකගන්න ආරක්ෂක සහ පරිසර අමාත්‍යාංශවලින් හදිසි තීන්දුවක්!
විනාශකාරී ධීවර කර්මාන්තය මැඩලීමට දැඩි පියවර සාගර උරුමය සුරැකීමේ ජාතික මෙහෙයුම ඇරඹේ.
උතුරේ දූපත් රැසක් ‘සමුද්‍රීය ආරක්ෂිත කලාප’ වෙයි: සාගර විනාශයට තිත තැබීමට අමාත්‍යාංශ 5කින් ඒකාබද්ධ බලකායක්!
උතුරු මුහුදු කලාපයේ සිදුවන පාරිසරික දූෂණය වැළැක්වීම සහ වඳවීමේ තර්ජනයට ලක්වූ මත්ස්‍යයින් හා කොරල්පර විනාශ කරන ඩයිනමයිට් ඇතුළු නීතිවිරෝධී ධීවර ක්‍රමවේද මැඩපැවැත්වීම සඳහා රජය විසින් දැඩි තීන්දු රැසක් ගෙන තිබේ. පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණවලට එළැඹුණි.
මෙම වැඩපිළිවෙළ යටතේ උතුරේ සුවිශේෂී දූපත් සහ ඒ ආශ්රිත මුහුදු තීරයන් ‘සමුද්‍රීය ආරක්ෂිත ප්‍රදේශ’ ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඉන් ධීවර ජනතාවගේ ජීවනෝපායට බාධාවක් නොවන අතර, එම ප්‍රදේශ අනාගතයේදී ඉහළ ආර්ථික වටිනාකමකින් යුතු ‘පාරිසරික සංචාරක ගමනාන්ත’ ලෙස සංවර්ධනය කෙරේ. මෙම සමස්ත ක්‍රියාවලිය මෙහෙයවීම සඳහා පරිසර, ආරක්ෂක, ධීවර, සංචාරක සහ අධිකරණ යන අමාත්‍යාංශවල විශේෂඥයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් ද වහාම පිහිටුවීමට පියවර ගෙන ඇත

