පසුගිය දිනවල දිවයින පුරා බලපෑ අයහපත් කාලගුණික අවපීඩන තත්ත්වය හේතුවෙන් ඇද හැලුණු මහ වැසි නිසා මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
2026 වර්ෂයේ යල කන්නයේ වගා කටයුතු ආරම්භ කර සති කිහිපයක් ගතවෙත්ම ඇති වූ මෙම ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකම වගා පද්ධති රැසක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.තවමත් වගාවේ මූලික අවධියේ පවතින බීජ හා පැළෑටි මෙලෙස ජලයෙන් යටවීම හේතුවෙන් ගොවීන් දැඩි අර්බුදයකට ලක්ව සිටින අතර, ගොවි ජනතාවගේ ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය වහාම ක්‍රියාත්මක වන සහන වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කර ඇත.
වාරික රහිත නොමිලේ රක්ෂණයක් – උපරිමය ලක්ෂයක්!කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යතුමාගේ විශේෂ උපදෙස් පරිදි, හානියට පත් වගාවන් සඳහා උපරිම ප්‍රතිලාභ ලබාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව, හානියට පත් වගා බිම් සඳහා හෙක්ටාරයකට රුපියල් 100,000 ක (ලක්ෂයක) උපරිමයකට යටත්ව වන්දි මුදල් නිදහස් කිරීමට කටයුතු සූදානම් කර ඇත.
මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ මෙම රක්ෂණ ආවරණය සඳහා ගොවීන්ගෙන් කිසිදු රක්ෂණ වාරික මුදලක් අය නොකිරීමයි. සම්පූර්ණ වන්දි පිරිවැය රජය විසින් දරනු ලබයි.
වන්දිය හිමිවන ප්‍රධාන භෝග 06 ක්මෙම හදිසි සහන වැඩපිළිවෙළ යටතේ ප්‍රධාන භෝග වර්ග 6 ක් සඳහා වන්දි පිරිනැමීමට නියමිතය:භෝග වර්ග ලැයිස්තුව1. වී වගාව2. බඩඉරිඟු3. අර්තාපල්4. සෝයා බෝංචි5. මිරිස්6. ලොකු ලූණුදින 14 ක සහන කාලයක්:
හානි වාර්තා කිරීම අනිවාර්යයිදැනට වගා බිම් පුරා පවතින ගංවතුර තත්ත්වය බැස යාමෙන් අනතුරුව, සිදුවී ඇති නිවැරදි හානි ප්‍රමාණයන් තක්සේරු කිරීමේ කටයුතු ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා සඳහන් කරයි.සියලුම ගොවි මහතුන් වගා බිම්වල ජලය බැස ගිය වහාම, ඉදිරි දින 14 ඇතුළත තමන්ට අදාළ ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත ගොස් එහි ඇති “හානි දැනුම්දීමේ ලේඛනයේ” තොරතුරු වාර්තා කළ යුතුය.
ඉන් අනතුරුව නිලධාරීන් විසින් සිදු කරනු ලබන ක්‍ෂේත්‍ර තක්සේරු කිරීම්වලින් පසුව වන්දි මුදල් කඩිනමින් බැංකු ගිණුම් වෙත මුදා හැරීමට කටයුතු යොදා ඇත.රටේ ආහාර සුරක්ෂිතතාවය සහ ගොවි ජනතාවගේ ජීවනෝපාය අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන් රජය උපරිමයෙන් කැපවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.

