ලෝකයෙන්ම විදුලි බිල වැඩිම 3 වන රට ලංකාවයි.සියයට 35ක බිහිසුණු බිලෙන් රටම අගාධයට යන බව ද හෙතෙම කීය.

“හාල් ගේන්නේ නෑ” කීවට හොර රහසේම හාල් තොග පිටින් ගේන්න අවසර දීලා! යැයි ඔහු කීය.         

මැතිවරණෙට රැවුල වවාගෙන ආපු අය අද ඩබල් පොකට්ගහලා තොත්ත බබාලා වගේ ඉන්නවා!යැයිදි හෙතෙම සඳහන් කළේ ය.

වත්මන් රජයේ දරුණු නොහැකියාව, අදූරද ර් ෂි ආ ර්ථික  කළමනාකරණය සහ මැතිවරණ සමයේ ජනතාව රැව ටූ ආකාරය පිළිබඳව සියලු දත්ත සහ සාක්ෂි සහිතව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සුජීව සේනසිංහ මහතා පා ර මේන්තුවේදී ආණ්ඩුව මුළුමනින්ම අඩපණ කරවන ආකාරයේ ආන්දෝලාත්මක සහ ප්‍රබල විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන පෙළේ මැති ඇමතිවරුන් රැසක් අවස්ථා කිහිපයකදීම කතාවට දැඩි ලෙස බාධා කිරීමට උත්සාහ කළද, ඒ සියලු බාධා කිරීම් හමුවේ නොසැලී, තර් කානුකූලව සහ දත්ත සහිතව පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂය නිහඬ කිරීමට මන්ත්‍රීවරයා සමත් විය. මෙම ප්‍රහාරාත්මක කතාවත් සමඟ සමස්ත පාර් ලි මේන්තු සභාවම දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේය.

(ආණ්ඩු පක්ෂයේ ප්‍රබල බාධ කිරීම්)

“උද්ඝෝෂණ විතරයි දන්නේ – වැඩ බෑ, රට කෑවා!” යැයි හෙතෙම කීය.

සභාව අමතමින් සුජීව සේනසිංහ මහතා කියා සිටියේ වත්මන් පාලකයන්ට රටක් පාලනය කිරීමට කිසිදු අත්දැකීමක් දක්ෂතාවයක් හෝ නිපුනත්වයක් නොමැති බවයි.

“මේ ආණ්ඩුවට හැකියාවක් නෑ. දක්ෂතාවයක් නෑ. නිපුනත්වයක් නෑ. උද්ඝෝෂණවලට විතරයි දක්ෂ. වෙන දේකට මේ අය තුළ කිසිම දක්ෂතාවයක් නෑ. ආණ්ඩුවට වැඩ බෑ. නොහැකියාව පමනයි මේ ආණ්ඩුවට තියෙන්නේ. මේ අයට අත්දැකීම් නෑ. රට කාලකණ්ණි කළා, රට විනාශ කළා. එදා ප්‍රභාකරන් රට විනාශ කළා. ජේ.වී.පී. එකේ සහෝදරයෝ ලංකාව ඊටත් වඩා විනාශ කළා. රට සංවර් ධ නය කරන්න ඉඩ දුන්නේ නෑ. රටේ නිෂ්පාදනය විනාශ කළා. දැන් ආණ්ඩු බලය අරගෙන, ජනතාව රවටලා, මුකුත් නොදන්න තොත්ත බබාලා වගේ ඉන්නවා. කෝ උත්තර? ආණ්ඩුවට දැන් කටඋත්තර නෑ!” යැයි මන්ත්‍රීවරයා දැඩි ස්වරයෙන් ප්‍රකාශ කළේය.

විදුලි බිලෙන් ලෝකයෙන්ම 3 වන තැනට!ලංකාව පත් කර ඇති බවද ඔහු කීය.

රටේ වත්මන් ආ ර් ථික බිඳවැටීම සංඛ්‍යා ලේඛන මඟින් පෙන්වා දුන් සේනසිංහ මහතා, ජනතාව මත පැටවී ඇති අධික බදු සහ ගාස්තු බර මෙසේ අනාවරණය කළේ ය.

“විදුලි බිල සියයට 35කින් එකවරම වැඩි කරලා. අද මුළු ලෝකයේම විදුලි බිල වැඩිම රටවල් අතරින් ලංකාව 3 වන ස්ථානයට පත් කරලා තියෙන්නේ. මෙන්න දත්ත, මෙන්න සංඛ්‍යා! මුළු රටම විනාශ කරලා ඉවරයි.”

“කෝ කියපුවා? හාල් ගෙන්නන්න අවසර දුන්නේ ඇයි?”

බලයට පත්වීමට පෙර ආණ්ඩුව දුන් පොරොන්දු එකින් එක මතක් කරමින් මන්ත්‍රීවරයා රජය දැඩි ලෙස ප්‍රශ්න කළේය.

“බඩු මිල අඩු කරනවා කීවා. සහන දෙනවා කීවා. රට හදනවා කීවා. පිටරටින් හාල් ගෙන්වන්නේ නෑ කීවා. හැබැයි අද වෙනකොට තවත් හාල් තොගයක් ලංකාවට ගෙන්නන්න හොර රහසේම අවසර දීලා තියෙනවා. තෙල් මිල වැඩි කරන්නේ නෑ කීවා. කෝ කලාද? මුකුත් නෑ. නොහැකියාව විතරයි තියෙන්නේ.”

“එදා රැවුල වවාගෙන ආවා – අද ඩබල් පොකට් ගහලා!” යැයි මන්ත්‍රීවරයා කීය.

ජනාධිපතිවරයා ඇතුළු රජයේ ප්‍රධානීන්ගේ හැසිරීම් රටාවද මන්ත්‍රීවරයාගේ දැඩි උපහාසයට ලක් විය.

“ජනාධිපතිකම ඉල්ලනකොට කොණ්ඩේ රැවුල වවාගෙන ඇවිත් ජනතාවට කියපු දේවල් අද කරනවාද? එදා කියපු එකම එක දෙයක්වත් අද කරලා තියෙනවාද? නෑ. එදා සරලකම පෙන්වලා, අද ඩබල් පොකට් දාපු මිල අධික කමිස ඇඳගෙන හිටියට වැඩක් තියෙනවාද? අද නොහැකියාව ප්‍රදද ර්ශනය  කරන ආණ්ඩුවක් ලෙස මේ ආණ්ඩුව ඉතිහාසගත වෙනවා සහතිකයි යැයි ඔහු කීය.

“සාක්ෂි සියල්ල මා සතුයි – සභාවට දෙන්න ලෑස්තියි” යැයිද ඔහු කීය.

රජයේ මැති ඇමතිවරුන් අතීතයේ මාධ්‍ය හමුවලදී සහ වේදිකාවලදී කළ ප්‍රකාශයන්හි වීඩියෝ සහ හඬපටි (Audio/Video clips) තමන් සතුව පවතින බව පැවසූ සුජීව සේනසිංහ මහතා, අවශ්‍ය නම් ඒවා ඕනෑම මොහොතක පාර් ලී මේන්තු සභා ගර් භ ය තුළ ප්‍ර ද ර්ශනය කර ආණ්ඩුවේ නිරුවත රටටම පෙන්වීමට සූදානම් බවට ද අභියෝග කළේ ය.

මෙම ප්‍රබල කතාවත් සමඟ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කෑකෝ ගසමින් බාධා කිරීමට උත්සාහ කළද, සුජීව සේනසිංහ මහතා සෘජුවම ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් කතාව අවසන් කළේ මුළු මහත් පා ර් මේන්තුවේම සහ මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානය තමා වෙත නතු කරගනිමිනි.

Share.
Leave A Reply