විදුලි මිල 18% කින් ඉහළ යාම හමුවේ ලංකාවේ අපනයන ආර්ථිකය දිශාව පිළිබඳ ගෙනෙන ගවේෂණාත්මක විග්‍රහය!

ජාතික ආර්ථික ආරක්ෂාව සහ බලශක්ති අර්බුදය හමුවේ ගත් කළ ඩොලර් බිලියන 5ක අපනයන සිහිනයට 18%ක මරණීය පහරක් ලක් කරමින්  විදුලි බිල ඉහළ යාම ජාතික ආර්ථිකයේ අවසානය විය හැකිය. මෙහි දී අපනයන ආදායම සහ විදුලි බිල අතර පවතින සෘජු හානිකර සබඳතාවය පෙන්වා දීම රට හමුවේ පවතින ප්‍රශ්නයකි.

ගල් අඟුරු මාෆියාවේ 30%ක පාඩුව මහජනයා මත පැටවීම නැති නම් බලශක්ති මංකොල්ලයේ ඇතුළාන්තය විදුලි බිල මෙන් රටටම ජනතාවට වැහි ඇති නැති අකුණු පහරවල් වැනිය.

දූෂණය සහ අකාර්යක්ෂමතාවය පිළිබඳ දේශපාලන සහ නෛතික විග්‍රහය පිළිබඳවද මෙහිදී  අවදානය යොමු කරන්නට මේ කතාව අගනේ ය.

ඇඟළුම් ක්ෂේත්‍රයේ ලක්ෂ 14 කගේ ජීවනෝපාය අනතුරේ තබන හරිත කර්මාන්තයක්  වෙනුවට අඳුරු කර්මාන්තයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවන්නේ කවුද? යන්න මෙහි දී  රටටම ප්‍රශ්නයකි. නමුත් උත්තරයක් නැත.

රැකියා අහිමි වීම සහ සමාජීය බිඳවැටීම පිළිබඳව ජනාධිපතිවරයාගේ සංවේදීතාවය ලබා ගැනීම රට හුමවේ තවත් සමාජ ආර්ථික ප්‍රශ්න පද්ධතියක් කරා රැගෙන යන අවුලකි. මේ අනුව ජනපති සමඟ රට පෙරට ගමන් කරන්නට මේ විදුලි බිල රට හරහට  හෝ දේශපාලනයේ කනපිට කතාවක් විය හැකිදැයි තවත් විටක සිතේ.

බංග්ලාදේශය සහ වියට්නාමය ඉදිරියේ ශ්‍රී ලංකාව දණගැස්වීම  සිදු කර තිබේ. 18%ක විදුලි බිල වැඩිවීම තුළින් අපනයනකරුවන් ඉන්දියාවට සහ ඊජිප්තුවට තල්ලු කිරීමේ රහස පිටු පස සිටින්නේ කව්ද යන්න රටට ම රත්වන ජනතාවගේ රතුඉර පනින කතාවකි.

රුපියල් බිලියන 12 ක පුනර්ජනනීය ණය පැහැර හැරීම සහ 286 ක ඩීසල් වංචාව ද මෙහි දී වැදගත්ය. විදුලි බිල සංශෝධනයක් ද? වංචාව වසාගන්නා ව්‍යාපෘතියක් ද? යන්න ද කතා කළ යුතුව තිබේ.

සත්තකින්ම රෙදිපිළි උද්‍යාන හුදකලා කරන විදුලි මිල සූත්‍රය සහ නිෂ්පාදන ආර්ථිකයේ මරණ ලතෝනිය රටේ මහා විනාශයක පෙර නිමිත්කි. මෙය සුන්දර ආර්ථික රසම රස කතාවක් නොවේ.

තරුණ අසහනය. අපරාධ සහ සියදිවි නසාගැනීම් වැඩි වන්නේ කෙසේ ද විදුලි බිලෙන් ඇරඹෙන ආර්ථික පීඩනය සමාජ මනෝවිද්‍යාත්මක ව්‍යසනයක් දක්වා විකාශනය වන අයුරු මේ විදුලි බිල් මාරයා අපට පවසන කතාවකි. මෙම ප්‍රශ්නය හුදු ආර්ථික ප්‍රශ්නයක් නොව බරපතල සමාජීය ව්‍යසනයකි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ හෘද ස්පන්දනය බඳු අපනයන ක්ෂේත්‍රය සහ සාමාන්‍ය ජනජීවිතය, 18% ක විදුලි ගාස්තු සංශෝධනය හමුවේ බරපතල අස්ථාවරත්වයකට ඇද දමා තිබේ.

මෙය හුදෙක් මිල ඉහළ යාමක් නොව, රටේ ව්‍යවසායකත්වය සහ ශ්‍රම බලකාය අගාධයකට ඇද දමන උපාය මාර්ගික අර්බුදයක ආරම්භය බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමක දී  “ගල් අඟුරු මාෆියාවේ වන්දිය ජනතාව මත”යැයි  නීතිඥ සුජීව සේනසිංහ මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ මහතා මෙම අර්බුදයේ මූල මණ්ඩලය පිළිබඳව බරපතල අනාවරණයක් සිදු කළේ ය. ඔහු පෙන්වා දෙන්නේ පාලකයන්ගේ අදක්ෂතාවය සහ දූෂිත කළමනාකරණය හේතුවෙන් රටේ ආර්ථිකය වසර 10ක් ආපස්සට ගොස් ඇති බවයි.

දත්තමය අනාවරණයක් සිදු කරමින් ඔහු කීවේ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීමේ ‘මාෆියාව’ හේතුවෙන් පද්ධතියට සිදු වී ඇති පාඩුව 30% ක් බවයි.

මූල්‍ය පැහැර හැරීම සම්බන්ධව ඔහු කීවේ පුනර්ජනනීය බලශක්ති සමාගම් 390 ක් සඳහා රජය ගෙවිය යුතු රුපියල් බිලියන 12ක මුදල පැහැර හැරීම හරහා සමස්ත බලශක්ති පද්ධතියම මර උගුලක හිර කර ඇති බවයි.

අනාගතයේ රට හමුවේ ඇතිවන බරපතල අනතුරු ඇඟවීමක් සම්බන්ධවද හෙතෙම අදහස් පල කළේ ය.

මේ සැලසුම් රහිත පාලනය නිසා ඉදිරි මාස කිහිපය තුළ විදුලි බිල තවත් 18% කින් ඉහළ යාමේ අවදානමක් පවතිනවා. මෙය නිෂ්පාදන පද්ධතියට එල්ල වන මරණීය පහරක් යැයි ඔහු අවධාරණය කළේ ය.

මේ වසර දෙක තුළ රට වසර 10 කට වඩා වැඩියෙන් රටේ ආර්ථිකය පසු පසට දමා තියනවා. මහා විනාශයක් බරපතල තත්ත්වයක් ඉදිරියේ දී රටට මුහුණ දීමට සිදු වනවා.  පාලකයන්ගේ අදක්ෂතාවය නිසා ජනතාව ට මෙහි ප්‍රතිපල දරුණු ලෙස විදින්නට සිදුවෙනවා. “ලංකාව අඳුරු ගුහාවකට!  ගමන් කරමින් සිටින බව ද සුජීව සේනසිංහ මහතා  කීය.

“මංකොල්ලයක අකුණු සැර” ජනතාව වැසි සමියේ වැදි ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ප්‍රකාශ කළේ ය.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා විදුලි මිල වැඩිවීම හඳුන්වන්නේ රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාවය පියවා ගැනීමට ජනතාවගෙන් සිදුකරන “කොල්ලයක්” ලෙසයි.

රුපියල් 286ක ඩීසල් වංචාව සහ සැක සහිත ඉන්ධන ප්‍රසම්පාදන පිරිවැය පාරිභෝගිකයාගේ බිල්පතට එකතු කර ඇති බවට ඔහු චෝදනා කළේ ය.

හිතාමතා කළ කඩාකප්පල් කිරීමක්  බව ද ඔහු කීය. අඩු වියදම් ජල විදුලිය පසෙකලා, අධික මිලට පුද්ගලික අංශයෙන් තාප විදුලිය මිලදී ගැනීම හරහා ‘අඩු පිරිවැය ජනන මූලධර්මය’ උල්ලංඝනය කර ඇති බව ඔහු කීය.

ඇඟළුම් ක්ෂේත්‍රය අඩපණ වීම හා ඩොලර් බිලියන 5ක අවදානම සුළු පටු නොවේ.

ලංකාවේ ප්‍රධානතම අපනයන ආදායම් මාර්ගය වන ඇඟළුම් කර්මාන්තය මේ වන විට දැඩි පීඩනයකට ලක්ව ඇත. විදුලි මිල ඉහළ යාම හරහා නිෂ්පාදන පිරිවැය ඉහළ යාම ගෝලීය තරඟකාරිත්වයට සෘජුවම බලපායි.

සංඛ්‍යාත්මක දත්ත සටහන් කරන්නේ මේවන් කතාවකි.

ඇගුලුම් කර්මාන්තය නිසා සෘජු සේවක පිරිස 350,000 – 400,000 කි.වක්‍ර ජීවනෝපාය: ලක්ෂ 10කට අධිකයි.අපේක්ෂිත ආදායම (2025/26) ඇමරිකානු ඩොලර් බිලියන 4.5 – 5.කි.

බංග්ලාදේශය සහ වියට්නාමය වැනි රටවල් සමඟ සැසඳීමේ දී ශ්‍රී ලංකාවේ නිෂ්පාදන මිල අධික වීම නිසා ජාත්‍යන්තර ඇණවුම් අහිමි වීමේ අවදානම දැන් සැබෑවක් වී ඇත.

ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා පෙන්වා දෙන්නේ මේ නිසා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ශාලා 300-350 ක් පමණ වැසී යාමේ තර්ජනයකට මුහුණ දී ඇති බවයි.

සමාජීය ව්‍යසනය සහ මානව ප්‍රාග්ධනය බිඳ වැටීම සහෝදරත්වයෙන් යුතුව කතා කළ යුතුව ඇත.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා සහ ලංකා විදුලි සේවක සංගමයේ සභාපති නිහාල් තලදූව මහතා පෙන්වා දෙන්නේ මෙය IMF කොන්දේසි මත පදනම් වූ දේශපාලන තීරණයක් බවයි.

මෙම ආර්ථික පීඩනය විසින් නිර්මාණය කරන සමාජීය බලපෑම බිහිසුණුය. රැකියා අහිමි වීම බරපතලය. පිරිවැය කළමනාකරණය සඳහා සේවක කප්පාදුව සහ අතිකාල දීමනා අත්හිටුවීම ප්‍රශ්න රැසකට මුලපරන රැකියාවේ කතාවකි.

තරුණ අසහනය ද ඇති වන්නට විදුලි  බිල හේතුවන බව සමාජ මානව විද්වතුන්ගේ අදහසයි. රැකියා අහිමි වීම නිසා තරුණ පිරිස් මත්ද්‍රව්‍ය,සොරකම් සහ දූෂණයට යොමු වීම මෙන්ම සියදිවි හානි කර ගැනීම් ඉහළ යාමේ ප්‍රවණතාව ඉහළ යා හැකි බව ඔවුහු පෙන්වා දුන්හ.

ජීවන වියදම හමුවේ රට ජනතාව සිටින්නේ කොතනට ද යන්න ද සලකා බැලිය යුතුව තිබේ. විදුලි පිරිවැය වැඩි වීම නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමෙන් පාරිභෝගිකයාට දෙපැත්තකින් පහර වැදීම සිදු වේ.

විසඳුම් මාවතකට රට සමඟ ආණ්ඩුව පෙරට යන්නේ කෙසේ ද ? උත්තරය සරල නැත. විසදුමක් තිබේ. මෙය සිදු කළ හැක්කේ  “හරිත ඇඟළුම් කර්මාන්තයක්” හරහාය.

මෙම අර්බුදයෙන් මිදීමට නම් රජය සහ කර්මාන්තකරුවන් හුදු සහන වෙනුවට ව්‍යුහාත්මක වෙනසකට යොමු විය යුතුය.

පුනර්ජනනීය බලශක්තිය තිත නොතියා සහෝදරත්වයෙන් අත දිය යුතුව ඇත. කර්මාන්ත ශාලා වහල මත සූර්ය පැනල සඳහා අඩු පොලී ණය සහන ලබා දීම ද අගනේය.

අං ඇති නැති සමහරක් මැති ඇමති සහෝදරයන්ට හෝ සුදුකර පටි ඇඳ සිටින සමහරක් නිලධාරින්ට නොතේරෙන පුනර්ජනනීය බලශක්තිය ශක්තිය සහෝදරත්යෙන් ලබා දෙන්නේ නම් රට පෙරට ඉහළටම යා හැකිය.

රට පුරා රෙදිපිළි උද්‍යානය වැනි ව්‍යාපෘති කඩිනම් කර අමුද්‍රව්‍ය ලංකාව තුළම නිපදවීම ද සිදුකරන්නේ නම් අගනේය. මෙය රටට ම ආලෝකය ගෙන දෙන්නට සමත්වනු ඇත.

තාක්ෂණික පරිවර්තනය දක්වා ද ගමන් කරන්නට හැකිය. තාක්ෂණය භාවිතා කරමින් ඵලදායිතාව ඉහළ නැංවීමේ මහපොලවේ ක්‍රියාන්විතය සමාජගත කළ යුතුව තිබේ.

අවසාන වශයෙන් සදහන් කළ හැක්කේ 18% ක විදුලි මිල වැඩිවීම යනු හුදෙක් ඉලක්කම් පිළිබඳ ප්‍රශ්නයක් නොව එය ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය ලෝක සිතියමෙන් මකා දැමීමට සමත් සාධකයකි.

2030 වන විට ඩොලර් බිලියන 8ක අපනයන ඉලක්කය සපුරා ගැනීමට නම් පාලකයන් විසින් බලශක්ති ක්ෂේත්‍රයේ පවතින දූෂණය නතර කර කර්මාන්ත කරුවාට හිතකර බලශක්ති ප්‍රතිපත්තියක් වහාම ක්‍රියාත්මක කළ යුතුය. එසේ නොවුණහොත් ශ්‍රී ලංකාවට උරුම වනුයේ ‘අඳුරු’ අනාගතයකි. 

Share.
Leave A Reply