ආණ්ඩුවේ මෝඩ තීන්දු නිසා රටේ ආරක්ෂාව සහ ආර්ථිකය අනතුරේ! අන්තර්ජාල වංචාකරුවන් 652ක් කොටු වෙද්දී ඩීසල් බැරලයටත් වැඩි මිලක්!

ගල් අඟුරු සහ ඉන්ධන වංචා මැද ලංකාව ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් වෙලා – සමගි ජන බලවේගයෙන් රජයට දැඩි චෝදනා!

මසකට විදේශිකයන් සිය ගණනක් අත්අඩංගුවට; ඩීසල් බැරලයට ඩොලර් 326ක්: රජයේ කළමනාකරණ අසාර්ථකත්වය මුජිබර් සංඛ්‍යා ලේඛන සහිතව හෙළි කරයි!

ලිහිල් වීසා ප්‍රතිපත්තියෙන් ලංකාව ජාවාරම්කරුවන්ගේ කෙළිබිමක් වෙලා – මුජිබර් රහුමාන් කියයි!

රජයේ දුරදිග නොබලන ලිහිල් වීසා ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වංචනිකයන්ගේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බවත්, මේ වසරේ ගතවූ කාලය තුළ පමණක් අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් විදේශිකයන් 652 නෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (15) පැවසීය.

2025 වසරට සාපේක්ෂව මේ වසරේ මුල් මාස 5 තුළ අන්තර්ජාල වංචා සම්බන්ධ විදේශිකයන් අත්අඩංගුවට ගැනීම 50% කින් ඉහළ ගොස් ඇත.

‘On Arrival’ වීසා ක්‍රමය හරහා පැමිණෙන පිරිස් අතර වීසා සහ ගුවන් ගමන් බලපත්‍ර කල් ඉකුත් වූවන් මෙන්ම අනන්‍යතාව තහවුරු කළ නොහැකි පිරිස් විශාල වශයෙන් සිටින බව අනාවරණය විය.

ලෝක වෙළඳපොළේ නොමැති අධික මිලකට, එනම් ඩීසල් බැරලයක් ඩොලර් 326 කට රජය මිලදී ගැනීම පිටුපස විශාල කළමනාකරණ දුර්වලතාවක් පවතින බව මන්ත්‍රීවරයා චෝදනා කළේය.

ගල් අඟුරු ගෙන්වීමේදී සිදුව ඇති මහා පරිමාණ දූෂණ සම්බන්ධයෙන් ලබන සතියේදී ජනාධිපති කොමිසමට කරුණු ඉදිරිපත් කරන බවත්, වත්මන් දූෂණ යටපත් කිරීමට රජය උත්සාහ කරන බවත් ඔහු පැවසීය.

වීසා ගාස්තු නොමැතිව පැමිණි ඊශ්‍රායල ජාතිකයන් ආරුගම්බේ ඇතුළු ප්‍රදේශවල නීතිවිරෝධී ව්‍යාපාර පවත්වාගෙන යාම පිළිබඳව රජය නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී ප්‍රශ්න කෙරිණි.

රජයේ පළපුරුද්දක් නැති 159 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම රට තවදුරටත් අගාධයකට ඇද දමමින් සිටින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Share.
Leave A Reply