ඩොලර් උපයන තේ පඳුරට පොරෝ පහර යොමුකර සීලෝන් ටී සන්නාමය මළගමකට ගමන් කරන්නට ආණඩුව සැරසෙන් බව ඔවුහු පැවසුහ.
එළවළු කොටුවට බිලිවන තේ වත්ත කතාව මේ නිසාම තේ මෙන් රසය නැති කතාවකි.රටේ ආර්ථික කොඳුනාරටිය බිඳ දැමීමේ ජාත්‍යන්තර කුමන්ත්රණයක සුලමුල මෙහි ඇතිබව ඔවුහු පැවසුහ.
තේ ගලවා එළවළු වැවීම අපේ රටේ නව තම වගා සංග්‍රාමයයි. ගොවියාත්, රටත් එකවර අගාධයට ඇද දමන මාරාන්තික ආර්ථික අවුල සුළු පටු නොවේ.
කඳුකරයේ මළ බෙරය මෙය යැයි කෘෂි සංවිධාන පවසති.තේ වතු එළිපෙහෙළියෙන් මතුවන නායයෑම් සහ ජල උල්පත් සිඳීයාමේ මාරක අවදානම ද සුළු පටු නොවේ.
හරිත පලස මත වැටෙන රසායනික ශාපය ද හමුවේ ආණ්ඩුව නිහඩය. උඩරට තේ බිම් මළකඳන් බවට පත් කරන එළවළු වගාවේ කළු පැල්ලම මේ අනුව තේ කහට රසයට තවත් කහටක් මුසුකර තිබේ.
අඩි 4000 සීමාව උල්ලංඝනය කිරීම හමුවේ මතු පරපුරට ජලය අහිමි කරන තේ වතු සංහාරය ද සුළු පුටු නොවේ.
බලධාරීන්ගේ නිද්‍රාශීලී පිළිවෙත හමුවේ මේ තේ රසය අපිට අහමිවනු ඇත. කුඩා තේ වතු එළවළු කොටු බවට පත්වෙද්දී රජය තවමත් නිහඬ ඇයි? කිසිනකු කල්පනා කරන්නේ ද නැත.
සහනාධාරයෙන් තේ හිටවා, හොර රහසේ එළවළු වැවීම සහයෝගය දීම බරපතල තත්තවයකි.නියාමනයක් නැති රටක තේ කර්මාන්තය අරාජික වෙමින් පවතින බව තේ වෘත්තිය සමිති ප්‍රකාශ කළහ.
දේශපාලන අනුග්‍රහයෙන් සිදුවන තේ වතු සංහාරය මේ අතර දරුණු බව ඒවූහු පැවසුහ.මාෆියාවකට යටවුණු උඩරට තේ අක්කර දහස් ගණනක ඉරණම සුන්දර රට මැද ලස්සන තේ යායවල් මියදෙ දිනය වැඩි ඈතක නොවේ.
අපේ තේ ගැලවෙද්දී කෙන්යාව සහ වියට්නාමය ලෝකය දිනයි: ‘සීලෝන් ටී‘ ලෝක සිතියමෙන් මැකී යන ලකුණු මේ අනුව ජනිත වී තිබේ.
ඩාජිලිං ලෝකය දිනද්දී නුවරඑළියට එළවළු කොටු නිසා තේවගාව කොටු වෙන ලකුණු මේ අනුව සකස් වී සකස් කරමින් තිබේ. තේ වතු විනාශය හමුවේ ජාත්‍යන්තර වෙළඳපොළ අහිමි කරගන්නා හැටි ජනතාව දැනුමක් තිබුන ද පාලකයන්ට නම් වගේ වගක් නැත.
තේ වෙනුවට එළවළු වැවීමෙන් සිදුවන වෙළඳපොළ අතිරික්තය හමුවේ රටම විනාශ වීමේ ප්රවනතාවයක් තිබේ.ගොවියා අසරණ කරන එළවළු මිල පහත වැටීමේ රහස ද රස රහසකි.
තේ වත්තෙන් එළවළු කොටුවටබවට පත්වන දිනය තුළ උඩරට වතු පරපුරේ රැකියා අනතුරේ හෙළන දූරදර්ශී නොවන තීරණයකි.
මුදල් දෙන ‘තේ‘ ගසට වැදුණු හෙණගෙඩිය පිළිබඳව රට ම කතා කරන කතවකි මේ පරිසර සමතුලිතතාවය බිඳ දැමීම, නියාමනයක් නැති සහනාධාර ක්‍රමය සහ අනාගත පරපුරේ උරුමය විකිණීම මෙහි බරපතල තේ කහට කතාවකි.
‘සීලෝන් ටී’ මළගමද? තේ පඳුරු ගලවා එළවළු වැවීමේ බරපතල අනතුර මෙසේ සටහන් කරමු.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ‘රන් බිජුවට’ වූ තේ කර්මාන්තය අද වන විට මාරාන්තික අගාධයකට ඇද වැටෙමින් තිබේ. විශේෂයෙන්ම උඩරට සහ මැද රට තේ වගාව මුළුමනින්ම විනාශ වී යාමේ අවදානමක් පවතින බවට ගොවි සංවිධාන සහ වෘත්තීය සමිති නායකයෝ රතු එළි දල්වති. ජාත්‍යන්තර බලවේග සහ අදූරදර්ශී ප්‍රතිපත්ති හමුවේ අපේ තේ උරුමය ‘එළවළු කොටුවක්’ බවට පත්වෙමින් තිබීම ජාතික ඛේදවාචකයකි.
මහ බැංකු දත්ත වාර්තා පිරික්සීමේ දී පෙනී යන්නේ 2013 වසරේ සිට ජාතික තේ නිෂ්පාදනයේ ක්රමික පසුබෑමක් දක්නට ලැබෙන බවයි. 2021 වසරේ කිලෝ මිලියන 299 ක් වූ තේ නිෂ්පාදනය 2022 වන විට කිලෝ මිලියන 251 දක්වා 16% කින් ඇදහිය නොහැකි ලෙස පහත වැටුණි. 2024 වසරේ සැප්තැම්බර් මාසයේදී තේ නිෂ්පාදනයේ 28.9% ක තාවකාලික වර්ධනයක් පෙන්නුම් කළද, දීර්ඝ කාලීනව තේ වගා කරන භූමි ප්‍රමාණය සීඝ්රයෙන් අඩුවීම බරපතල ප්රශ්නයකි.
තේ පඳුර ගලවා ‘කැරට් – ගෝවා’ වැවීම නවතම කලාව මේ සමඟ පෙන්වාදිය හැකිය.වර්තමානයේ උඩරට තේ වගාවට එල්ල වී ඇති ප්‍රබලම තර්ජනය වන්නේ තේ වතු එළිපෙහෙළි කර එළවළු වගා කිරීමයි.
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක රිෆායි හාජි මහතා පවසන පරිදි, කුඩා තේ වතු සංවර්ධන මණ්ඩලයෙන් තේ වගාවට ආධාර ලබාගන්නා ගොවියන් පවා අද තේ ගලවා එළවළු වගාවට යොමු වී ඇත.
මෙලෙස සැලසුමකින් තොරව තේ වතු එළි කර එළවළු වැවීම නිසා වෙළඳපොළට එළවළු අතිරික්තයක් පැමිණේ. මෙහි ප්‍රතිඵලය වන්නේ කැපවීමෙන් එළවළු වගා කරන ගොවියාටද සාධාරණ මිලක් නොලැබී ඔහුද අසරණ වීමයි.
අඩි 4000 ට වඩා උස් භූමිවල තේ වගාව ඉවත් කිරීම නිසා පාංශු ඛාදනය 20 ගුණයකින් වැඩි වන බව විද්‍යාත්මක වාර්තා පෙන්වා දෙයි. මෙය ජල උල්පත් සිඳී යාමටත් අධික කෘෂි රසායනික භාවිතය නිසා පානීය ජලය අපවිත්‍ර වීමටත් හේතු වේ.
ඇයි අපේ තේ පඳුර අනාථ වුණේ? තවත් කිරි නොවන තේ කතාවකි.
හදිසි කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසා පසට අවශ්‍ය පෝෂණය අහිමි වීමෙන් තේ පඳුරු දුර්වල වී ඇත. ඒවා යථා තත්ත්වයට පත් කිරීම වසර ගණනාවක් යන අභියෝගයකි.
තේ කිලෝවක් නිෂ්පාදනය කිරීමේ පිරිවැය (Cost of Production) ජාත්‍යන්තර වෙළඳපොළේ මිලට වඩා ඉහළ මට්ටමකට ගමන් කරමින් තිබේ.තරුණ පරපුර තේ වත්තෙන් ඉවත් වීම නිසා කම්කරු හිඟය උග්‍ර වී ඇත.
අපේ Ceylon Tea සන්නාමය ඉදිරියේ කෙන්යාව සහ වියට්නාමය වැනි රටවල් අඩු පිරිවැයකින් සහ නවීන තාක්ෂණයෙන් ජාත්‍යන්තර වෙළඳපොළ අල්ලා ගනිමින් සිටී.
රජය 2030 වන විට තේ කිලෝ මිලියන 400 ක් අපනයනය කිරීමට ඉලක්ක කළද, වසර එක හමාරක් තුළ 1% කින් වත් නිෂ්පාදනය වැඩි කර ගැනීමට නොහැකි වී ඇති බව ගොවිජන පවුර සංවිධානයේ මාධ්‍ය නිලධාරි නලින්න සේනාරත්න මහතා පෙන්වා දෙයි.
ඉන්දියාව ‘ඩාජිලිං’ තේ සඳහා ඉහළ මිලක් ලබා ගන්නා විට, අපට ස්වභාවධර්මයෙන් උරුම වූ නුවරඑළිය සහ ඌව තේ සඳහා නිසි වටිනාකමක් ලබා දීමට පාලකයින් අසමත් වී ඇත.
තේ වතු එළි කර එළවළු වගා කිරීම නීතියෙන් වැළැක්වීම හෝ ක්‍රමවත් නියාමනයක් ඇති කිරීම, නව තාක්ෂණය (Mechanization): ශ්‍රම හිඟයට පිළියමක් ලෙස යන්ත්‍ර සූත්‍ර භාවිතය ප්‍රවර්ධනය කිරීම,පාංශු සංරක්ෂණය: විද්‍යාත්මක ක්‍රමවේද හරහා පසේ සාරවත් බව නැවත ඇති කිරීම,අද අපේ තේ ගසට කෙටෙන පොරෝ පහර හෙට රටේ ආර්ථිකයේ මළබෙරය වනු ඇත.
තේ කර්මාන්තය රැක ගැනීමට බලධාරීන් වහාම ක්‍රියාත්මක විය යුත්තේ එය රටේ අභිමානය මෙන්ම ජාතික ආර්ථිකයේ කොඳු නාරටිය වන බැවිනි.

