පළමු සැකකරු වසර 2ක් අංගොඩ ප්‍රතිකාර ලැබූ බව හෙළිවේ; මනෝවිද්‍යාත්මක පරීක්ෂණයක් වහාම ඉල්ලයි!

රුපියල් ලක්ෂ දහසකට අධික මහජන මුදල් අවභාවිතයක් සම්බන්ධ මෙම නඩු තීන්දුව ලැබීමට පෙර, සැකකරුවන්ගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීම රජයේ වගකීමක්. එසේ නොවුවහොත් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව  මහතා පවසයි.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සලිත කළ බාල ඖෂධ නඩුවේ විභාග කටයුතු අවසන් අදියරට පැමිණ තිබියදී, එහි සැකකරුවන් අතර සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවක් මතුව ඇති බවට විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවයි. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්කැල්ල ඇතුළු ප්‍රධාන පෙළේ නිලධාරීන් රැසකට එරෙහිව පැවැත්වෙන මෙම නඩු විභාගය, මෙම අනාවරණයත් සමඟ අතිශය උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ, නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වීමට ආසන්න වෙත්ම සැකකරුවන් දැඩි මනෝවිද්‍යාත්මක පීඩනයකට ලක්ව ඇති බවයි. විශේෂයෙන්ම මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු මීට පෙර සියදිවි නසාගෙන තිබීම මෙම අවදානම තීව්‍ර කරන ප්‍රබල සාධකයක් බව ඔහු අවධාරණය කරයි.

නඩුවේ පළමු සැකකරු ලෙස නම් කර ඇති, අදාළ ඖෂධ නිෂ්පාදනය කළ බව කියන ජනක ප්‍රනාන්දු නමැත්තා, නඩුව ආරම්භ වූ දින සිටම වසර දෙකක පමණ කාලයක් අංගොඩ මූලික රෝහලේ මානසික අවපීඩනය (Depression) සඳහා ප්‍රතිකාර ලබා ඇති බවද මෙහිදී අනාවරණය විය.

Share.
Leave A Reply