දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

මේ සමඟ දිවයිනේ ප්‍රධාන හා මධ්‍ය පරිමාණ ජලාශ රැසක් උපරිම ධාරිතාවට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා සඳහන් කළේ, අද (15) පෙරවරු 6.00 වන විට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පාලනය කරන ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19කට අධික සංඛ්‍යාවක් වාන් දමමින් පවතින බවයි.

මීඔය සහ කිරිඳි ඔය අවට දැඩි අවදානමක්ජලාශවල වාන් දොරටු විවෘත කිරීමත් සමඟ පහත ගංගා ආශ්‍රිතව ජීවත්වන ජනතාවට ඉහළ අවදානමක් පවතී:මීඔය: තබ්බෝව ජලාශයේ වාන් දොරටු 12ක් සහ ඉගිණිමිටිය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කිරීම හේතුවෙන් තත්පරයට න අඩි 11,480ක අතිවිශාල ජල කඳක් මීඔයට මුදාහැරේ.කිරිඳි ඔය: ලුණුගම්වෙහෙර වාන් දොරටු 6ක් හරහා තත්පරයට ඝන අඩි 1,740ක් මුදාහැරේ.කලා ඔය: රාජාංගනය වාන් දොරටු 2ක් හරහා තත්පරයට ඝන අඩි 1,600ක් නිකුත් කෙරේ.දැදුරුඔය: වාන් දොරටු 2ක් හරහා තත්පරයට ඝන අඩි 1,400ක් ගඟට එක්වේ.

වාන් මන අනෙකුත් ප්‍රධාන ජලාශ.

අනුරාධපුරයේ නාච්චිදූව සහ යාන්ඔය, බදුල්ලේ අඹෙවෙල, හම්බන්තොට තිස්ස වැව හා වීරවිල, කුරුණෑගල අඹකොළ වැව, උස්ගල සියඹලන්ගමුව සහ මාගල්ල, මාතලේ/මහනුවර නාලන්ද සහ වෑමැඩිල්ල මෙන්ම මන්නාරම යෝධ වැව ද මේ වන විට වාන් මට්ටමේ පවතී.

ගංගා ආශ්‍රිත පහත්බිම්වල පදිංචි ජනතාව සහ ගංගා පරිහරණය කරන්නන් වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු අතර, හදිසි ආපදා තත්ත්වයකදී සහන සේවා කණ්ඩායම් සම්බන්ධ කර ගැනීමට සූදානමින් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.  

Share.
Leave A Reply